උස් ස්ථානයකින් ඇද වැටී සිදුවූ බහුවිධ තුවාල නිසා  ඩෙන්මාර්ක් කාන්තාවගේ මරණය  සිදු වෙලා…

Karen-Munk-Ebbesen

අලගල්ල කන්දේ බෑවුම් සහිත ස්ථානය  තිබී සොයා ගත් 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ  (18)  මහනුවර ජාතික රෝහලේ දී විශේෂඥ අධිකරණ වෛද්‍ය ආර්.පී ජයසූරිය   සිදුකර තිබෙන අතර මරණය  මුහුණ, පපුව සහ උදර ප්‍රදේශය වෙත රළු බලයක් මගින් ඇති වූ බහුවිධ තුවාල (Multiple “Blunt Force Injuries” to face, chest and abdomen) හේතුවෙන් සිදුව තිබෙන බවට  නිගමනය කර තිබේ. 

පරික්ෂණ සහ සිදුවීම් ස්ථානයේ  නිරීක්ෂිත කරුණු අනුව උස් ස්ථානයකින් ඇද වැටීමක් (According  to autopsy findings and circumstantial evidences with scene visit findings ,this incident is more suggestive of fall from height) නිසා මෙම බහුවිධ තුවාල ඇති විය හැකි බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා  වෛද්‍ය වාර්තාවේ  සඳහන් කර ඇත.

මියගිය කාන්තාවගේ පියා විසින් ඉන්දියාවේ පිහිටි ඩෙන්මාර්ක් තානාපති කාර්යාලය මගින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා බලය පවරන ලද ලිපියක් යොමුකර තිබූ බව පොලීසිය පවසයි.

මියගිය ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළ සිරුර පිළිබඳ අවසන් කටයුතු ඩෙන්මාර්කයේ දී සිදු කිරීමට නියමිතය.


අධිකරණ වෛද්‍ය වාර්තාව මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මළ සිරුර කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත ඊයේ (18) පස්වරුවේම රැගෙන ගිය බව පොලීසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය 10 වැනි අම්පිටිය ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොලින් පිටව ගොස් තිබූ Karen Munk Ebbesen නැමැති ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළ සිරුර ඊට සිව් දිනකට පසු සොයා ගනු ලැබුවේ අලගල්ල කඳු මුදුනට ආසන්න ස්ථානයකදී ය

Exit mobile version