විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

2023 ජනවාරි 23 වැනි දින සිට පෙබරවාරි 17 වැනි දින දක්වා උසස් පෙළ විභාගයට අදාළ කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති කොමිසම හමුවේ ඇති කර ගත් එකඟතාවට අවනත වී නොමැති බව මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා අපහාස කිරීමේ වරදට වරදකරු බව මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.
උසස් පෙළ සිසුන්ට විභාග කාලය තුළ අඛණ්ඩ විදුලිය ලබාදීමට ඉහත පාර්ශ්වයන් එකඟතාවකට පැමිණියද ලංකා විදුලිබල මණ්ඩලය හිතාමතා සහ ද්වේෂසහගත ලෙස එම සමථය නොතකා විදුලිය විසන්ධි කිරීම අඛණ්ඩව සිදු කළ බවට කොමිසම චෝදනා කරයි.

විභාග කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට විදුලිබල මණ්ඩලයේ ඉහත සඳහන් සමථය අමු අමුවේ නොසලකා හැරීම ළමා අධ්‍යාපන අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස කොමිසම සලකයි.


විදුලිය ලබාදීමට අර්ථවත් ක්‍රම ඇති බව කොමිසම හමුවේ පිළිගෙන එම පදනම මත පිහිටා සිටිය දි විදුලිබල මණ්ඩලය එම සහතිකය නොසලකා හැර විදුලිය විසන්ධි කිරීමට කටයුතු කළ බවට මානව හිමිකම් කොමිසම චෝදනා කරයි.
ලංවිම රාජ්‍ය නිලධාරීන්ගේ නොගැලපෙන සහ සාහසික හැසිරීම හිතාමතාම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහයුක්තියට කළ අපහාසයක් ලෙස කොමිසම සලකන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකගේ නිවේදනයක දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මැදිහත්වීමේ ඒකායන අරමුණ පුරවැසියන්ගේ සහ විශේෂයෙන් උසස් පෙළ අපේක්ෂකයින්ගේ නිසි ගෞරවය සහ එහි පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්සහතික කිරීම පමණක් බව කොමිසම නැවත අවධාරණය කරන අතර, රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහය පිළිබඳව සහතික කරයි.

Exit mobile version