උසස් පෙළ නිමවන තෙක් විදුලිය නොකැපීමට ඉල්ලූ අතුරු තහනම ප්‍රතික්ෂේප වෙයි

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය අතරතුරදී විදුලිය විසන්ධි කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කළ ඉල්ලීම   ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03)  ප්‍රතික්ෂේප කරන ලදී.

මානව හිමිකම් කොමිෂන් සභාව  ලංකා විදුලි ල මණ්ඩලය විසින් ක්‍රියාක්මක කරන විදුලිය කැපීමට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ගත් ගාමිණි අමරසේකර, කුමුදුණි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන  ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල මෙම ඉල්ලීම එලෙස ප්‍රතිකෂේප කළහ.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගන්නා ලද අවස්ථාවේදී මානව හිමිකම් කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් වන තුරු විදුලිය අඛණ්ඩව ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් පොරොන්දුව අද (03) ඉල්ලා අස්කර ගෙන තිබේ.

විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා   ඒ බව අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ බව දැනුම් දුන්නේය.


විදුලිබල මණ්ඩලය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව අවසන් කරන්නේ නම් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය අතරතුරදී විදුලිය විසන්ධි කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය  අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් විනිසුරු මඩුල්ල එය ප්‍රතික්ෂේප කළේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙත්සම යළි ලබන 7 වැනි දා පස්වරු 1.30 කැඳවීමට නියමිතය.

Exit mobile version