උසස් පෙළ යළි කල් දැමීම ගැන ඇමති කල් බලයි

exam

2022 වසරේ අ.පෝස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය යළිත් කල් දැමීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලා හැකි පියවරක් ගැනීමට කටයුතු කරන ලෙස තමන් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න විසින් මේ පිළිබඳව කරන ලද ඉල්ලීමක් පිළිබඳව පිළිතුරු දෙමිනි.

විශේෂයෙන් දෙවන වර උසස් පෙළ විභාගයට සූදානම් වන දරුවන්ට ඒ සඳහා සූදානම් විමට පවතින්නේ දින 98ක පමණ කාලයක් බැවින් ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති උසස් පෙළ විභාගය තවත් මාස දෙකකින්වත් කල් දමන ලෙස මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේය.

ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ දෙසැම්බර් මාසයේදී පැවත්වීමට නියමිත විභාගය ලබන පෙබරවාරි වන තෙක් කල් දැමුවහොත් රටේ පාසල් දස දහසක් ඒ වෙනුවෙන් වසා තැබීමට සිදුවන අතර එමඟින් වසර කිහිපයක් තිස්සේ අධ්‍යාපනය අඩාල වූ ලක්ෂ 41ක් පමණ වන පාසල් දරුවන්ට අසාධාරණයක් විය හැකි බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හේෂා විතානගේ රෝහිණි කවිරත්න සහ මහාචාර්ය ගුණපාල රත්නසේකර යන මහත්වරුන්ද මේ පිළිබදව දක්වන ලද අදහස් දැක්වීමට ප්‍රතිදචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් පාසල් කාල සටහන සහ විභාග කාල සටහන අධ්‍යයනය කොට සුදුසු පියවරක් ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන බවයි..

Exit mobile version