උමා ඔය කොන්ත්‍රාත්කරු සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව රටට කළ ජරා වැඩේ මෙන්න… 

වාරිමාර්ග නිලධාරින් කොන්ත්‍රාත්කරු එක්ක ඩිල් දාල ද?...

Iran

ලලිත් චාමින්ද –

උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන  උමගෙහි ඇතිවු ජලකාන්දුව සදහා වින්දිත පාර්ශව වෙනුවෙන් රජය මගින් ගෙවනු ලැබු වන්දි මුදල අදාල කොන්ත්‍රාත්කරුගෙන් අයකරගත යුතු බවට  රජයේ ගිණුම්කාරක සභාව විසින් නියෝග කොට තිබුනද ඉකුත් වර්ෂයේ 2023 අප්‍රේල් මස 30 වන දින වනවිටත්  කොන්ත්‍රාත්කරුගෙන් රුපියල් මිලියන 1124.62ක මුදලක් අයකරගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

උමගෙයි ඇතිවු ජලකාන්දුව සඳහා වන්දි වශයෙන්  කොන්ත්‍රාත්කරු විසින් අදාල රක්ෂණ සමාගමෙන්   ඇමරිකානු ඩොලර් 8,155,981 වන්දියක්  ලබාගෙන තිබුණි.

කොන්ත්‍රාත්කරු විසින්  වින්දිත පාර්ශව වෙත  වන්දි මුදල් ගෙවිය යුතුව තිබුණි.

එහෙත්  රජය විසින්   2021 වර්ෂයේ අගෝස්තු මස  31 දින වනවිට    රුපියල් මිලියන 1931.34ක මුදලක්  වන්දි වශයෙන් වින්දිත පාර්ශව වෙත ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ලබාදි ඇති නියෝග  ක්‍රියාත්මක කළයුතු බවට  විගණනය මගින් නිර් දේශකොට ඇත. 


රජයට අයවිය යුතු මුදල  අයකිරිමට ප්‍රමාදවන කාලසිමාව සදහා  වාණිජ්‍ය බැංකු පොලි අනුපාතය මත  ගණනය කළ පොලියද සමග  කොන්ත්‍රාත්කරුගෙන්  අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. 

මේ පිළිබද වාරිමාර්ග අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්  හා සාමාජිකයින් 14 දෙනෙකුගේ  සහභාගිත්වයෙන් පවත්වනු ලැබු සාකච්ඡාවේ දි මේ සම්බන්ධයෙන් නිතිපති උපදෙස් නිතිපති දේපාර්තමේන්තුවෙන් ලබාගතයුතු බවට තින්දු කළ බවය. ඒ අනුව අමාත්‍යංශ නිති නිලධාරි වෙත  අවස්ථා දෙකකදි  නිතිමය උපදෙස් ලබා ගන්නා ලෙස  ඉල්ලමින් ලිපියොමුකොට ඇති බවය.

කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම – 

උමාඔය සංවර්ධන  ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කාලය දිර්ඝ කිරිමේ දි   රජය වෙත  අමතර වියදමකින් තොරව  දිර්ඝ කරනු ලබන කාලසිමාව තුළ  සියලු ඉදිකිරිම් නිම කර  ව්‍යාපෘතිය විධිමත්ව  රජය වෙත භාරදිමේ කොන්දෙසිවලට යටත්ව  කොන්ත්‍රාත් කාලය දිර්ඝ කිරිමට  අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදි තිබුණි. 

එහෙත්   එම කොන්දෙසිය පිළිබද සැලකිල්ලක් දක්වා නොතිබුණි. ඒ පිළිබද නොසලකා  කොන්ත්‍රාත්කරුවෙත  කාල දිර්ඝයන් ලබාදි තිබුණි. මේ නිසා ශ්‍රිලංකා රජයට සිදුවි ඇති පාඩුව ගණනය කොට කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දෙසි  ප්‍රකාරව  කොන්ත්‍රතාත් කරුගෙන් අයකර ගැනිමේ හැකියාව පිළිබද අවධානය යොමුකොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

මෙකි ව්‍යාපෘතියට අදාලව අමාත්‍ය මණ්ඩල සංදේශ 66ක්  ඉදිරිපත්කොට තිබු නමුත්  එම කිසිදු අවස්ථාවක මේ පිළිබද   අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරිමට  වාරිමාර්ග අමාත්‍යංශය කටයුතු කර නොතිබුණි.

විගණනය මගින් පෙන්වාදෙන ආකාරයට  2015 නොවැම්බර් මස 15 දින සිට 2023 ජුනි මස  30 දක්වා ව්‍යාපෘති කාලය දිර්ඝ කර තිබුණි. කොන්ත්‍රාත් ගිවිසුම අනුව  දිනකට කොන්ත්‍රාත් විටිනාකමින්  සියයට 0.01 වශයෙන්  උපරිමය සියයට 5 දක්වා  ප්‍රමාද ගාස්තු ලෙස  ඇමරිකානු ඩොලර් මිලියන 26.453ක මුදලක් අය කළහැකිව තිබුනද එම ප්‍රමාද ගාස්තු අයකරගෙන නොතිබුණි. 

ප්‍රමාද ගාස්තු ලෙස කොන්ත්‍රාත්කරුගෙන් අයකරගෙනඇත්තේ  ඩොලර් මිලියන 6.6ක මුදලකි. මෙකි ව්‍යාපෘතිය ප්‍රමාද විමට හේතුලෙස  වාරිමාර්ග අමාත්‍යංශය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  ජල කාන්දුව කොවිඩ් වසංගතය, සහ නොයෙකුත් අවිනිශ්චිත තත්වයන් ඇති වි තිබෙන බවය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ව්‍යාපෘතියේ ප්‍රමාද කාලය  වසර 08කි. මෙකි ව්‍යාපෘතිය  2023 මැයි මස 15 වැනි දිනට  වසර 07ක් හා මාස 06ක් ප්‍රමාද වි තිබුණි. එහිදි විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලිබලයක් එකතු කිරිම තුලින්  දිනකට විදුලිබල මණ්ඩලයට  මිලියන 55කට නොවැඩි මුදලක්ඉතිරිවනබවට ගණන් බලා තිබුණි. ඒ අනුව මෙකි ව්‍යාපෘතිය වසර  හතහමාරක් ප්‍රමාද විම තුළින්  සිදුවි ඇති පාඩුව  මිලියන 150,562කි. 

Exit mobile version