උපන්දින තෑග්ග… රන්ජන්ට සති 02කට අමුත්තන් තහනම්..

කීර්ති ප්‍රනාන්දු –

සිය 58වන උපන්දිනය දා බන්ධනාගාරයේ විනය බිඳීමේ චෝදනාව යටතේ රන්ජන් රාමානයක දඬුවම් ලැබීය.

සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමේ වරදට වරද පිළිගත් ඔහුට අද සිට දින 14යන තුරු අමුත්තන් මුණ ගැසීම තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක පැවසීය.

අද බන්ධනාගාර විනය ශාලාවේ දී චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර මේ සම්බන්ධව කරුණු විමසීමේ දී රන්ජන් රාමනායක එම වරද පිළිගෙන තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව බන්ධනාගාර ආඥා පණතේ 70වැනි වගන්තිය අනුව බන්ධනාගාර අධිකාරීවරයා විසින් මෙම දඬුවම පනවා තිබිණි.

Exit mobile version