ලලිත් චාමින්ද –
දැනට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ උපදේශන කටයුතුවල පමණක් නිරතවී සිටින ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශය තුළ ඉංජිනේරුවරුන් 395ක් ඇතුලු සේවකයින් 1094ක් සේවයේ යොදවා තිබීම තමන්ට ද ගැටලු සහගත තත්ත්වයක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම ආයතනය විසින් උපදවන්නේ උපදේශන ආදායම පමණක් බවත් ඒ සඳහා මේ තරම් විශාල සේවක පිරිසක් යෙදවීම අතාර්කික බවත් ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
මෙම ආයතනය සාමාන්‍යයෙන් වර්ෂයකට ආසන්න වශයෙන් ලබන්නේ රුපියල් බිලියන 02ක උපදේශන ආදායම පමණක් බැවින් එම මුදල ඉපයීමට ඉපැයිම සදහා ඉංජිනේරුවන් 395ක් ඇතුළුව සේවකයින් 1094ක් යෙදවිමේ අවශ්යාතාවය නැවත සලකා බැලිමට කාර්යංශයේ අවධානය යොමුවිය යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.