උන්නඩාවේ චීන ව්‍යාපෘති කල්යයි

ලෝක බැංකු ආධාර මත උගන්ඩාවේ මාර්ග පද්ධතියක් ඉදිකිරීමේ නිරත චීන කොන්ත්‍රාත්කරුවන් එම කටයුතු නිම කිරීමට අතිරේක කාලයක් ඉල්ලා ඇති බවට වාර්තාවේ.

ඒ අනුව උග්ඩාවේ ප්‍රධාන මාර්ග පද්ධති කිහිපයක් සම්බන්ධ කරමින් පූර්ණ සංවර්ධන සැලසුමකට අනුව ඉදිකෙරෙන මෙම මාර්ග පද්ධති ව්‍යාපෘතිය මගින් උගන්ඩවට විශාල වාසි අත් කරගැනීමට හැකියාව පවතී.

මෙම සංවර්ධන ව්‍යාපෘති චීන කොන්ත්‍රාත්කරුවකු හට ලබාදී ඇති අතර එහිදී සමස්ථ මාර්ග පද්ධති සංවර්ධනය කිරීමට මාස 18 ක කාලයක් ලබාදී තිබිණි. එහිදී චීන සමාගමට ලෝක බැංකුව මගින් මූල්‍යනය කිරීමට නියමිතව තිබූ අතර එහිදී නිසි කාලය තුල ඉදිකිරීම් අවසන් කරන ලෙසටද උපදෙස් දී තිබිණි.


කෙසේ වෙතත් ඉදිරි මාසයේදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබුණද එම කටයුතු අදාල කාලයේදී අවසන් කිරීමට අදාල සමාගමට නොහැකි බවට මේවන විට දැණුම් දී තිබෙන බව උගන්ඩා බලධාරීන් අනාවරණය කරයි.

ඒ අනුව ව්‍යාපෘතිය අවසන් කිරීමට තවත් අතිරේක මාස හතරක කාලයක් ලබාදීමට උගන්ඩාව විසින් තීරණය කර ඇති බවටද එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උගන්ඩාව පසුගිය කාලය පුරාවටම චීනය සමඟ සමීපව කටයුතු කළ අතර එහිදී එම සම්බන්ධතා සම්බන්ධයෙන් විවිධ චෝදනාද එල්ලවිය.

Exit mobile version