උද්ධමනය අහස උසට නගී!

food inflation

මෙරට මැයි මාසයේ උද්ධමනය 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛණ හ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එම දෙපාර්තමේන්තුව මාසිකව මෙරට පාරිභෝගික මිල දර්ශකය පදනම්කරගෙන නිකුත් කරන දත්ත වාර්තාව මගින් මේ බව අනාවරණය කර තිබේ.

ඒ අනුව මැය මාසයේ ලක්ෂමය මතුපිට උද්ධමනය මෙලෙස 45.3% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අප්‍රේල් මාසයේදී 33.8% මට්ටමේ පැවති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මැයි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 27.3%ක හා ආහාර නොවන කාණ්ඩයේ 18.1%ක මිල ඉහළයාම මූලික හේතුවී ඇති බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත. කෙසේ වෙතත් ඉකුත් වසරේ මැයිමාසයේදී උද්ධමනය 6.1%ක්ව පැවති බවත් ජනලේඛණ හ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඒ අනුව ඉකුත් වසරේ මැයි මාසයට සාපෙක්ෂව මෙම වසරේ මැයි මාසයේදී උද්ධමනය ඉහළයාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ආහාර හා ආහාර නොවන කාණ්ඩවල පැවති මිල මට්ටම්වල ඉහළ යාම බවද එම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

මෙහිදී ආහාර කාණ්ඩය සැලකීමේදී කිරිපිටි, එළවළු, අලුත් මාළු, පාන්, මිරිස් කුඩු, කරවල, මයිසූර් පරිප්පු කුකුළු මස්, සීනි, තිරිඟු පිටි, දෙහි, වියලි මිරිස්, බිස්කට්, බිත්තර, අර්තාපල්, පොල්තෙල්, තුනපහ කුඩු, බනිස්, පැනි බීම වර්ග, පලතුරු, ළදරු කිරිපිටි, කඩල, සුදුලූනු, ලොකු ලූනු , මුං ඇට සහ ටින්තමාළු යන ආහාර ද්‍රවවල මිල වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත.  කෙසේ වෙතත් කහකුඩු සහ අමු මිරිස් යන ආහාර ද්‍රවවල මිල අඩුවීමක් වාර්තා වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පසුගිය මාසය සංසන්දනය  කළ විට මැයි මාසයේ ආහාර වෙන කාණ්ඩයේ දර්ශක අගය වැඩිවීම සඳහා මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ, රෙදිපිලි, පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධනද්‍රව, ගෘහ උපකරණ, සබන් වර්ග, සෞඛ්‍ය, ප්‍රවාහන, සන්නිවේදන යන අංශ වලද මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Exit mobile version