උතුරේ පුරාවස්තු රකින්න සිවිල් ආරක්ෂක නිලධාරීන්

දිනසේන රතුගමගේ

උතුරේ පුරා වස්තු සහිත බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමේ හා සංවර්ධනයේ වගකීම සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පත්කොට තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතර මොවුන් යොදවා ඇත්තේ දවසේ පැය විසිහතර පුරාවටම එම ස්ථාන වලට ආරක්ෂාව සැපයීමට හා එම ස්ථාන සංවර්ධනය කිරීමටය.


නිධන් හොරුන් විසින් උතුරේ පිහිටි මෙවැනි ස්ථාන විනාශ කොට වස්තුව මංකොල්ලකෑමත් අන්‍ය ආගමිකයින් විසින් බලහත්කාරයෙන් බෞද්ධ ස්ථාන අත්පත් කරගෙන ඔවුන්ගේ ආගමික ස්ථාන ලෙස හදුන්වා ගැනීමත් වැළැක්වීම පිණිස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම වැඩ පිළිවෙල දියත් කොට තිබේ.

ඊට අමතරව එම සිද්ධස්ථාන වල සංවර්ධන කටයුතු සදහා යොදා ගැනීමට ගඩොල් ලක්ෂයක් නිෂ්පාදනය කරවිමේ කටයුතුද මේ වන විට ආරම්භ කොට තිබේ.

සිවිල් ආරක්ෂක බලකායේ වවුනියාව අණදෙන නිලධාරී කර්නල් රුවන් මිල්ලවාන මහතා පැවසුවේ එම ගඩොල් වලින් මුලින්ම වවුනියාවේ සපුමල් ගස්කඩ විහාරස්ථානය සංවර්ධනය කරණ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගඩොල් නිෂ්පාදනය කිරීම යන්ත්‍රානුසාරයෙන් සිදු වන අතර ඊට මැදපෙරදිග හෙළබිම සංවිධානය හා ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරිය මූල්‍ය අනුග්‍රහය දක්වනු ලබයි.

Exit mobile version