උතුරේ පාසල් 140ක් දින නියමක් නැතිව වැසේ…

දිනසේන රතුගමගේ –

උතුරු පළාතේ යාපනය හා වවුනියාව දිස්ත්‍රික්ක වල ද්වීතියික පාසල් 140 ක්   අද (16) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගත් බව උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.උදයකුමාර්  පැවසීය.

එම පාසල්  වල  ළමුන්ගෙන් කීප දෙනෙකු  කොවිඩ් ආසාදිතයින් බවට පත්වීමත් සෙසු පාසල් වලට කොවිඩ් අවදානම ළගා වීමත් හේතුවෙන් මේ තීරණය ගත් බව අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසීය.

මෙසේ වසා දැමීමට තීරණය කරණ ලද පාසල් අතරින් පාසල් 135 ක් යාපනය දිස්ත්‍රික්කයේ වන අතර පාසල් 5 ක් වවුනියාව දිස්ත්‍රික්කයට අයත්වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය හා වවුනියාව දිස්ත්‍රික්කවලට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් යම් අවදානමක් දක්නට ඇතත්  උතුරු පළාතේ පාසල් 395 ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සමග නිරන්තරයෙන් සබදකම් පවත්වාගෙන පාසල් අවත්වාගෙන යාමට පියවර රැසක් ගෙන ඇති බවද උතුරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසීය.

Exit mobile version