උතුරේ ධීවරයන් බය කළ මුහුදේ පාවෙන ගුරු පාට දියරය…

දිනසේන රතුගමගේ –

යාපනයේ කන්කසන්තුරේ හා ඒ අවට මුහුදේ මේ දිනවල පාවෙමින් තිබෙන ගුරු පැහැති දියරයක් සම්බන්ධයෙන් පළාතේ ධීවරයෝ බියට පත්ව සිටිති.

මේ පිළිබඳව ධීවරයින්ගෙන් ලැබුණු පැමිණිලි මත ජාතික ජලජීවී ඒකකයේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට පැමිණ පර්යේෂණ ආරම්භ කොට ඇති අතර ඔවුන් පවසා ඇත්තේ මෙය දියරයක් නොව මුහුදේ පාවෙන ඉතා කුඩා මත්ස්‍ය විශේෂයක් බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් ධීවරයින් බිය විය යුතු නැති බවත් එම කුඩා මත්ස්‍යයින් නිසා ධීවර කර්මාන්තයට කිසිදු බලපෑමක් නොනැති බවත් එම නිලධාරීන් ප්‍රකාශ කොට තිබේ.


Exit mobile version