උතුරේ අපේක්ෂකයන්ගේ කේබල් ටී.වී. මැතිවරණ නීති කුඩු කරයි…

දිනසේන රතුගමගේ –

යාපනයේ ක්‍රියාත්මක වන කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන  මගින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් කටයුතු කරණ නිසා එම ආයතන සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමට සිදුවන බව යාපනය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එස්. අමල්රාජ්  දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි පැවසීය.

මෙම කේබල් රූපවාහිනීවලින් කීපයක්  ඔවුන් සමග සබඳකම් පවත්වන මැතිවරණ අපේක්ෂකයින් වෙනුවෙන් විශාල කාලයක් මුදල් රහිතව ලබා දෙන්නට පටන් ගෙන තිබේ.

යාපනයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කීප දෙනෙකුටද කේබල් රූපවාහීනී ආයතන අයත්වීම නිසා යාපනයේ කේබල් රූපවාහිනී මධ්‍යස්ථානවලින් මැතිවරණ නීති උල්ලංඝනය වීම වැඩි වී තිබේ.


මැතිවරණ ප්‍රචාරක ක්‍රියා නවතාලීමෙන් පසුවද මෙම කේබල් රූපවාහිනී මගින් අපේක්ෂකයින්ට  වාසි වන ආකාරයට වැඩ සටහන් විසුරුවා හැරීමේ සූදානමක් ඇති බැවින් අගෝස්තු මස 3,4 හා 5 යන දිනවලදීවත් එම කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට අවශ්‍ය බව මේ සාකච්ඡාවේදී ප්‍රකාශ වුණි.

මෙම කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන මගින් කරනු ලබන්නේ වෙනත් රූපවාහිනී වැඩ සටහන් ලබාගෙන ඒවායෙහි ගුණාත්මකභාවය වැඩි කොට එම ආයතන වලට මාසිකව මුදල් ගෙවනු ලබන පාරිභෝගිකයින් වෙත විසුරුවා හැරීමය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් එම වැඩ සටහන් අතරතුර එම ආයතන විසින් සකසනු ලබන හා වෙනත් පුද්ගලයින් විසින් සකසනු ලබන දේශපාලන වැඩ සටහන් ප්‍රචාරය කරන්නට පටන් ගැනීමේදී  තෝරාගත්  අපේක්ෂකයින්ට වැඩි වාසි ලබා දීමට පියවර ගෙන තිබේ.

Exit mobile version