උතුරු මුහුද ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයින් 22ක් අත් අඩංගුවට…

දිනසේන රතුගමගේ –

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා හතරක්  නාවික හමුදාව විසින් උතුරු මුහුදේ ස්ථාන දෙකකදී 6 දා අත් අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම් මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා 3 ක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම මුහුදු සීමාවේදීය.

තවත් ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු හා යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ධීවරයින් යාපනය මුහුදු සීමාවට පැමිණ මසුන් මරමින් සිටි අවස්ථාවේදීය. 

එම ධීවරයින් විසින්  නීති විරෝධී ලෙස අල්ලා ගන්නා ලද මසුන් කිලෝග්‍රෑම් 800 ක් පමණ නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන පසුව එම මත්ස්‍ය තොගය විනාශ කොට ඇත. 


අත් අඩංගුවට ගත් ධීවරයින් 22  දෙනා මන්නාරම  සහ යාපනය  ධීවර පරීක්ෂක කාර්යාල වෙත බාරදීමට පියවර ගෙන ඇති නාවික හමුදා නිලධාරීන්   ධීවරයින් පැමිණි යාත්‍රා හතර   නාවික හමුදා භාරයට ගෙන තිබේ.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාවික හමුදාව විසින්  අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 22 දෙනා මන්නාරම  සහ යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ධීවර පරීක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබේ.

Exit mobile version