උතුරට ඉදිරි පැය 24 තුළ චන්ඩ සුළි කුණාටුවක්…කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි…

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය ලංකාවේ ත්‍රී කුණාමලය වෙරළට කිලෝමීටර 280ක් දුරින් මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව ඇති බවත්, ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් ඇති වී තවත් පැය 12ක් තුළ චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි මෙම පීඩන අවපාත තත්වය ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි. නිවාර් ලෙස හඳුන්වා ඇති මෙම සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇති තොරතුරු මෙසේය. 

උතුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත ධීවරයින් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ප්‍රදේශයකට හෝ යාත්‍රා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 48 ඇතුළත සුළි කුණාටුවක් දක්වා වර්ධනය වියහැකි බවත්, උතුර හා නැගෙනහිර මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බවත් පවසන කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ක් 3ක් පමණ ඉහළ යාහැකි බවට ද අනතුරු අඟවයි.


එසේ ම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 – 70 පමණ වන අතර පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකළපුව හරහා පොතුවිල් මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බව ද අවධාරණය කරයි.

උතුර, උතුරු මැද ප්‍රදේශ රැසක මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවේ.

මේ වන විට වායු පීඩන කලාපය දිවයිනට ඊසානදිග වෙරළ බඩ ප්‍රදේශය පසු කර උතුරු වෙරළ හරහා ඉන්දියාවේ තමිල්නාඩු වෙතට ගමන් කරමින් පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දැක්වේ..

Exit mobile version