ඊ.පී.එෆ් එකට අත තියන්නවත් නොදෙන කම්කරු කොමසාරිස් ජනරාල් ඉවත් කිරීමේ සැලසුමක්

වෘත්තීය සමිති හෙළිකරයි

Anzndz-Wimalaweera

කම්කරු අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද විමලවීර

ශ්‍රි ලංකාවේ විශාලතම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල රැක ගැනීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ බව පැවසෙන කම්කරු අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද විමලවීර   හදිසියේම එම ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන බව එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවසයි. කම්කරු කොමසාරිස්වරයා එම ධුරයෙන් ඉවත් කරන්නේ එම අරමුදලේ මුදල් වෙනත් ආයෝජන ලබා ගැනීමටදැයි ඔවුහු සැක පළකරති.

පසුගිය යහපාලන රජය සමයේ ද අර්ථ සාධක අරමුදලේ මුදල් අනවශ්‍ය ලෙස ආයෝජන කටයුතු වලට යෙදවීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ කළද කොමසාරිස්වරයාගේ මැදිහත් වීම නිසා එය වළක්වා ගත හැකිව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ධුරයෙන් ඉවත් කිරීමට ඇති සැලසුම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලංකාසර කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා කම්කරු කොමසාරිස් ධුරයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව නිල නොවන අකාරයෙන් තමා දැනුවත්ව ඇති බවයි.


Exit mobile version