“ඊළඟ අගමැති ධුරයට බැසිල් වැඩ පටන්ගෙන… “ පක්ෂ ආරංචි මාර්ග – ඒක බොරුවක් – අගමැති මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය ධුරය සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  පත් කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තරික ප්‍රවර්ධන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වන ඩේලි මිරර් පුවත් පත වාර්තා කර තිබිණි.

පසුගිය පළමුවැනිදා ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයකින් පසුව පැමිණි මුදල් අමාත්‍යවරයා ඉදිරියේදි සිදු කිරීමයට යෝජිත කැබිනට් සංශෝධනයේදී අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම පිළිබඳව යෝජනා වී ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම කැබිනට් සංශෝධනයටද මුල පුරා ඇත්තේ බැසිල් රාජපක්ෂ   වන අතර මෙම සතිය හෝ ඊළඟ සතියේදි සිදු කිරීමට නියමිත බව කියවෙන මෙම සංශෝධනයේදී අඩුම තරමින් ප්‍රධාන පෙලේ කැබිනට් අමාත්‍ය ධුර හයක්වත් සංශෝධනයට ලක් වීමට නියමිත බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ සමඟ ඇතැම් අමාත්‍යංශ යටතේ පවතින ආයතනවල ප්‍රධානීන්ද මාරු කිරීමට නියමිත අතර එහිදි බැසිල් රාජපක්ෂ    සමඟ කටයුතු කිරීමට පහසු ආකාරයේ ප්‍රධානීන් කණ්ඩායමක් ද පත් කිරීමට නියමිත බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අගමැති මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කර තිබුණේ  මෙම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින කීපයක සිට ගෙනයන මෙම ප්‍රචාර රටේ ජනතාව නොමග යවන මේ ප්‍රචාරය රටේ ජනතාව නොමඟ යවන දෙයක් බවය. එවැනි අසත්‍ය ප්‍රචාර අගමැතිවරයා හා අගමැති කාර්යාලය ප්‍රතිකෂේප කරන බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට එම මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත.

Exit mobile version