ඊශ්‍රයාලය කොවිඩ් සඳහා එන්නත වෙනුවට ඉන්හෙලරයක් සොයා ගනී…

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු 2021 පෙබරවාරි 8 වන දින මහාචාර්ය නදීර් ආබර් සමඟ ඉන්හෙලරය සහිතව ජෙරුසලමේදී හමුවූ අවස්ථාව

එන්නත වෙනුවට  කොවිඩ් වෛරස අසාදිතයන්ට ලබා දිය හැකි ඉන්හේලරයක් සොයාගැනීමට ඊශ්‍රායල සමත්  වී ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

ටෙල් අවිව්හි සෞරස්කි වෛද්‍ය මධ්‍යස්ථානයේ (ඉචිලොව් රෝහලේ) (Tel Aviv Sourasky Medical Center (Ichilov Hospital),  මහාචාර්ය නදීර් ආබර් (Prof Nadir Arber)  විසින් සකස් කරන ලද EXO-CD24 නැමැති මෙම  ආශ්වාස ප්‍රතිකාරය සායනික පරීක්ෂාවක් යටතේ මධ්‍යස්ථ හා දරුණු තත්ත්වයේ සිටින රෝගීන් 30 දෙනෙකු සඳහා ලබා දී ඇති අතර   ඔවුන්ගෙන් 29 දෙනෙක් දින 3-5 ක් තුළ  පූර්ණ සුවය ලබා ඇතැයි එම වාර්තා දක්වයි.

එම ඉන්හේලරය දිනකට මිනිත්තු කීපයක් ආශ්වාස කිරීමෙන් කොවිඩ් ආසාදිතයන්   දින 5 ක් වැනි කෙටි කාලයක් තුළදී සුවය ලබන  බව එම වාර්තා සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඍෂධය දැන් අමතර අත්හදාබැලීම් අදියරයන් කරා යොමු කර ඇති බවත් මෙය කොවිඩ් සම්බන්ධ මේ ලෝක අරගලය වෙනත් අතකට පෙරලනු ඇති බවත් විදෙස් ආරංචි මාර්ග විශ්වාසය පල කරයි.  ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම ඖෂධය විදෙස් රාජ්‍ය නායකයන්ට හඳුන් වා දී ඇත්තේ ප්‍රාතිහාර්යයේ ඖෂධයක් ලෙසය.  ඖෂධයේ සායනික අත්හදාබැලීම් සඳහා සහාය වීමට ග්‍රීසිය කැමැත්ත පල කර ඇතැයි වාර්තා වේ.

Exit mobile version