ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඊශ්‍රයාලය පෘථිවියේ විශාලම ස්වභාවික ගෑස් නිධියට ගිනි තියයි… ඊශ්‍රයාලය මේ තැබුවේ ලෝක විනාශයක මුල්ම පියවර ද?

by editor
ජූනි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ඇමරිකානු පිටුබලය සහිත ඊශ්‍රයාල ලෝකයේ බිහිසුනුම ව්‍යසනයක් අලුත් වටයකින් අරඹා ඇති අයුරු ලෝකය කම්පාවෙන් හා තිගැස්මෙන් බලාගෙන සිටී. මේ මොහොත වනවිට ඉරාන භූමියේ පිහිටා ඇති ලොව විශාලතම ස්වාභාවික වායු නිධියට ඊශ්‍රයාලය විසින් ගිනි තබා ඇත.

පෘථිවියේ විශාලතම ස්වාභාවික වායු නිධිය පිහිටන්නේ පර්සියානු බොක්කෙහි ඉරානය සහ කටාර් අතර බෙදාගෙන ඇති දකුණු පාර්ස්/උතුරු ඩෝම් ක්ෂේත්‍රයේ ය. එය ලොව විශාලතම ගෑස් ක්ෂේත්‍රය වන අතර ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව එහි ඝන අඩි ට්‍රිලියන 1,800 ක ඇස්තමේන්තුගත ස්වාභාවික වායු ප්‍රමාණයක් අඩංගු වේ.

ඊශ්‍රායල හමුදා දකුණු පාර්ස් ගෑස් ක්ෂේත්‍රයේ 14 වන අදියරට අද (14) පහර දුන්නේය. එහි සමහර කොටස් මේ වනවිට ගිනි ගනිමින් තිබේ. ඩ්‍රෝන යානයකට සමාන කුඩා ගුවන් යානයකින් ප්‍රහාරය සිදු කළ බව ප්‍රාදේශීය මූලාශ්‍ර සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින් මේ වන විට ජීවිත පරදුවට තබා කරන මෙහෙයුමකය.

 

සමාජ මාධ්‍යවල මේ ව්‍යසනයේ තරම සංසරණය වෙමින් තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මේ විනාශය ඊශ්‍රයාලය විසින් සිදුකර ඇති බවය. ඉලක්කගත ඩ්‍රෝන ප්‍රහාර ස්වාභාව ධර්මය විසින් බිහිකර මානවයාට දායාද කළ මහා ආර්ථික උරුමය සුන් කර දැමීම අරඹා ඇත. එහි කෙළවර කොතැනදැයි නොදනිමු.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද වීඩියෝ දේශනයකදි මෙසේ කීවේය. “අපි අයතුල්ලාගේ පාලන තන්ත්‍රයේ සෑම ස්ථානයකටම සහ සෑම ඉලක්කයකටම පහර දෙන්නෙමු,”

“ඉතා නුදුරු අනාගතයේ දී, ඔබට ඊශ්‍රායල ගුවන් යානා, ඊශ්‍රායල ගුවන් හමුදාව, අපගේ නිර්භීත ගුවන් නියමුවන්, ටෙහෙරානයේ අහසට ඉහළින් පෙනෙනු ඇත” නෙතන්යාහු වැඩිදුරටත් කීවේය.

ඊශ්‍රයාල අගමැතිවරයා කීවේ ටෙහෙරානයේ න්‍යෂ්ටික හැකියාවන් සහ බැලස්ටික් මිසයිල අවි ගබඩාව යන තම රටට ඇති ඉරානයේ “ද්විත්ව තර්ජනය” තුරන් කිරීම තම මුල්ම ඉලක්කය බවය.

ඊශ්‍රායලය දැනටමත් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයට “ඉතා දරුණු පහරක්” එල්ල කර ඇති නෙතන්යාහූ කීවේ මේසේය.

“අපි බෝම්බ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන යුරේනියම් දියුණු කිරීමේ මධ්‍යස්ථානයට පහර දුන්නා. මෙම ව්‍යාපෘති මෙහෙයවන ප්‍රමුඛ විද්‍යාඥයින් කණ්ඩායමද අප විසින් තුරන් කළා. මේ ප්‍රහාරය නිසැකවම ඔවුන් පසුබට කරනු ඇති… , එය වසර ගණනාවක් ඔවුන් ආපස්සට ඇද දැමීමක්,” නෙතන්යාහු කීවේය.

ඊශ්‍රායල හමුදා බොරුජර්ඩ්, කස්වින් සහ ෂිරාස් හි කර්මාන්තශාලා ඇතුළු කාර්මික පහසුකම්වලට මේ වනවිට පහර දී ඇත.

බටහිර ගැති මාධ්‍ය විකල් වු ඊශ්‍රයාලයේ අමානුෂික අශික්ෂිතකමේ තුච්ඡ බව තවමත් සඟවමින් සිටී. ගාසාවේ මහා ව්‍යසනය මේ වන විට ප්‍රවෘත්ති නොවන තරමට යටපත් කර තිබේ.

තේරුම් ගත යුත්තේ ලෝක බල ආධිපත්‍යයේ ප්‍රමුඛයා වීම සඳහා කරන නින්දිත මරාගැනීමේ දී ස්වකීය බළල් අත් යොදාගෙන ඇමරිකාව සිදුකරමින් ඇති ව්‍යසනය සාමාන්‍යකරණය කෙරෙමින් ඇති බවය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු අපි විසින්ම ඇති කරගත් මහා මානව වාදී සම්මුතීන් සියල්ල හුදු මානසික බියගැන්වීම් සහ ගැඹුරකින් තොර ප්‍රලාප මිස එවැනි කිසිවක් ලෝකයේ යථාව තුළ ප්‍රායෝගික නැති බවය.

වැදගත්ම පැහැදිලි කරගැනීමක් ඇත. එනම් මානව සමාජය තවමත් තිරිසනුන්ගේ මට්මටමින් උඩට ස්වකීය ආකල්ප සංවර්ධනය කරගත නොහැකිවුන ම්ලේච්ඡ තිරිසනුන්ට නොදෙවෙනි බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මම ජර්මනියට ආවේ LTTE ප්‍රබලයෙක් හමුවෙන්නලු… ජාතිවාදය මතුකරමින් කරන මේ දේශපාලනය නවත්වන්න නීති මදිනම් අලුතින් නීති හදනවා… ජනපති කියයි!

Next Post

ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රයාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබයි…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.