සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලයේ යුදෙව් ආගමික මධ්‍යස්ථාන නීති විරෝධී නම් මාස 07ක් තිස්සේ පොලිස් ආරක්ෂාව ඇයි?… මුජිබර් අසයි…

by editor
ජූනි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන ලියාපදංචි වෙලා තියෙන්නේ රෙස්ටොරන්ට් විදිහට… හොයාගෙන ඇති 4න් 02කටත් ලියාපදිංචිය නෑ…  සංස්කෘතික ඇමති කියයි!

නීත්‍යානුකූල අවසරයක් නැති බව ප්‍රකාශ කරන ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන සඳහා පොලිස් සහ එස්ටීඑෆ් ආරක්ෂාව ලබා දෙන්නට රජය කටයුතු කරන්නේ කෙසේ දැයි අද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

මන්ත්‍රීවරයා 27/2 යටතේ සිය ප්‍රශ්නය යොමු කරමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවිගෙන් විමසා සිටියේ එක් අතෙකින් නීති විරෝධී යැයි කියන ගමන්ම අනෙක් අතින් එම ස්ථාන සඳහා පොලිස් ආරක්ෂාව ලබා දීම ගැටලු සහගත බවය. ඔහු පෙන්වා දුන්නේ ඊශ්‍රයාලය වැනි දැඩි විසංවාදයකට ලක් වුන, තමන්ගේ අරමුණු වෙනුවෙන් ඕනෑම ව්‍යසනයක් කිරීමට සූදානම් රාජ්‍යයකට රට තුළ මේ තරම් සැහැල්ලු ලෙස කටයුතු කිරීමට රජය ඉඩ දී ඇත්තේ කුමක් නිසාද යන්න ගැටලුවක් බවය.

යුදෙව් ආගමිකයින් නැති රටක යුදෙව් ආගමික මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට ඉඩහැරීම මොසාඩ් වැනි සංවිධානවලට රට තුළ නිදහසේ කටයුතු කිරීමට ප්‍රවේශ සකස් කරන බව කී මන්ත්‍රීවරයා මේ සම්බන්ධව රජය නිශ්චිත ක්‍රියාමාර්ග ගන්නේ කවදාදැයි විමසා සිටියේය.

ඊශ්‍රයාල ජාතිකයන්ගේ ආගමික මධ්‍යස්ථාන සම්බන්ධව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි ප්‍රකාශ කළේ ඊශ්‍රයාල ජාතිකයින්ගේ ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන සොයා ගැනීම අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් බවය.

මෙම ආයතන ලියාපදිංචි වී ඇත්තේ   සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ නොව, විවිධ ප්‍රාදේශීය සභාවල, සමාගම් මැදුර වැනි ආයතනවල ආපනශාලා සහ වෙනත් ව්‍යාපාර ලෙස බව කී ඇමතිවරයා ලබෙන තොරතුරු අනුව ඒ මධ්‍යස්ථාන සම්බන්ධව සොයාගෙන යන බව කීවේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

දැනට ඊශ්‍රයාල ආගමික මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන ස්ථාන හතරක් පොතුවිල්, වැලිගම, ඇල්ල සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල හඳුනාගෙන ඇති බවත් ඉන් වැලිගම සහ ඇල්ල යන ස්ථානවල පිහිටි ආගමික මධ්‍යස්ථාන පමණක් සමාගම් මැදුරේ ලියාපදිංචි වී ඇති බවත් ඇමතිවරයා කීවේය.

ඇමතිවරයා සිය පිළිතුර පාර්ලමේන්තුවට මෙසේ වාර්තා කළේය.

“පොතුවිල් කොට්ඨාසයේ මධ්‍යස්ථානය ලියාපදිංචිය සම්බන්ධව හේතුවක් නැත. ග්‍රාමනිලධාරීවරයා අදාල ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂාව සිදුකරන විට අදාල තොරතුරු ලබාගැනීමට ඒ පිළිබඳව දන්නා කිසිවෙක් රැඳී සිටි නැති බැවින් මහජනයාගේ තොරතුරු ලබාගෙන තිබේ. ඔවුන් දැනුම් දී ඇත්තේ මේ ඉඩම පුද්ගලික ඉඩමක් බවත් එය ලියාපදිංචි කළ නොමැති බවත්,  සංචාරක සමයේ දී ඊශ්‍රයාල ජාතිකයින් බොහෝ ලෙසින් මෙම ස්ථානයට එන බවත්, ඔවුන් ආගමික ඉගැන්වීම් ආදියේ නිරත වෙමින් ආගමික කටයුතුවල නිරතවන බවත් මේ වනවිට ඔවුන් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින බවත් ග්‍රාමනිලධාරී වාර්තාවේ දැක්වේ.”

“තිඹිරිගස්යායේ මධ්‍යස්ථානය රජයේ පිළිගත් ආයතනයක් හෝ ආගමික ස්ථානයක් ලෙස ලියාපදිංචි වී ඇති බව වාර්තා වෙන්නේ නැත. පූජා කටයුතු වෙනුවෙන් යැයි අරමුණුකොට ගෙන ඊශ්‍රයාල ජාතිකයින් හතර දෙනෙක් නේවාසිකව සිටි අතර පිටස්තර වෙසෙන ඊශ්‍රයාල ජාතිකයින් මේ ආගමික කටයුතුවලට සම්බන්ධ වන බව වාර්තා වේ.”

ඇමතිවරයා කීවේ වැලිගම සහ ඇල්ල ආගමි මධ්‍යස්ථාන දෙක 2022/04/21 දින සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා – කොළඹ ප්‍රදේශයේ තැන් දෙකක් පවත්වාගෙන යනවා. එකක් තමයි කොළඹ 7 සිනමන් රෙඩ් එක ඉදිරියේ තියන කබාබ් හවුස් එක. දෙවැනි එක දෙහිවල අල්විස් ප්‍රදේශයේ. මේ දෙක සම්බන්ධව දෙසැම්බර් මාසයේ ප්‍රශ්න කළාම අගමැති තුමිය පිළි ගත්තා මේවා නීත්‍යානුකූළ නෑ. මේවා ලියාපදිංචි කරලා නෑ කියලා. ඒත් මේ දෙකමටම තවම රජයේ පොලිස් ආරක්ෂාව සහ එස්ටීඑෆ් ආරක්ෂාව ලබාගෙන පවත්වාගෙන යනවා. මාස 07ක් ගිහින්. ඇයි මේ නීත්‍යානුකූළ නොවන මධ්‍යස්ථාන ගැන ක්‍රියාමාර්ග නොගෙන ඉන්නේ.

ආචාර්ය සුනිල් සෙනවි – එස්ටිඑෆ් ආරක්ෂාව ඉවත් කරලා තියෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමා ඒ ගැන පිළිතුරක් දේවි.

මේ ලියාපදිංචිය හරිම සංකීර්ණයි මන්ත්‍රී තුමා. මගේ අමාත්‍යාංශයෙ ප්‍රධාන ආගම් 4ට ම දපොර්තමේන්තු තියනවා. ඒවා ලියාපදිංචි කරන ක්‍රම පෝරම තියනවා. නමුත් සමාගම් මැදුරේ මේවා ලියාපදිංචි වෙන්නේ. ආපන ශාලා රෙස්ටොරන්ට් වගේ පෙනෙන්න තියෙන්නේ. මේ තොරතුරු රැස් කරගැනීම පවා හරිම දුෂ්කරයි. අපේ ප්‍රධාන ආගම් 4 තියන තැන නෙමෙයි ඔවුන් ලියාපදිංචි වෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල. තැන්තැන්වල. තොරතුරුක් ලැබුනාම තමයි පරීක්ෂා කරන්න වෙන්නෙ.
සොයාගෙන යනවා. කටයුතු කරනවා. තොරතුරු ලැබුන විදිහට සොයාගෙන යන්නේ.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා – එස්ටීඑෆ් ආරක්ෂාව ඉවත් කරලා ඇති මම කිව්ව ආගමික මධ්‍යස්ථානවල. නමුත් දැන් ගිහින් බලන්න. පොලිසිය ආරක්ෂාව තියනවා තවමත්. එස්ටීඑෆ් අයින් කළත්. අපේ රටේ යුදෙව්වො නෑ. ඊශ්‍රයාලය ඉතාම ආන්දෝලනාත්මක රටක්. මොසාඩ් සංවිධානය සම්බන්ධයි. අපේ රටේ සංස්කෘතික මධ්‍යස්ථාන හරහා ඇතුළත් වීමයි ඔවුන්ගේ අදහස. ඊශ්‍රයාලය පිළිබඳ ඇයි මේ තරම් සොෆ්ට් විදිහට හිතන්නේ. ඔවුන් කරන්නෙ ආන්තික ව්‍යාපාරයක්. ඒකට නීත්‍යානුකල බවක් ලැබෙනවා මේ හරහා. නීත්‍යානුකූල නොවන මධ්‍යස්ථාන වසා දමන්න කියලා මා ඉල්ලනවා.

ආචාර්ය සුනිල් සෙනවි – ඔබ දන්නවා යුදෙව් ජාතිකයන් රටට එන්නේ ආගමික කටයුතු නිසාද කියලා අපට නිශ්චය කරන්න බෑ. සංචාරක වීසා එක්ක සංචාරකයින් ලෙස එනවා . ඔවුන් සංචාරකයින් ලෙස රටට ආවට පස්සේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයන්න අපි බැඳිලා ඉන්නවා. ආගමික අවශ්‍යතා කියන්නේ ඉන් ප්‍රධාන එකක්. ඔබ මතුකරන ප්‍රශ්නය පැහැදිලියි. මේ සංකීර්ණත්වය විසඳන්න ඕන. ඒක විසඳමු. නැවත කියන්නේ සංචාරකයින් ලෙස රටට එන පිරිස්වලට අපට සමානව සලකනන් වෙනවා සංචාරකයින් ලෙස. මේ තත්ත්වය විධිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුණෑගල පොලිස් කොට්ඨාසයට පත්කළ SSP ගේ පත්වීම ගැන පොලිසියත් පුදුමයෙන්…

Next Post

තරග පාවාදීම – සචිත්‍ර සේනානායකට අධි චෝදනා ගොනු වෙයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.