ඊශ්‍රායලයට සහ එහි පාපන්දු සමාජවලට අන්තර්ජාතික පාපන්දු තරඟ තහනමක් පනවන ලෙස නීති විශේෂඥයින් 30 කට වැඩි පිරිසක් යුරෝපීය පාපන්දු සංගමයෙන් ලිඛිත ඉල්ලීම් කර ඇතැයි අන්තර්ජාතික පුවත් ඒජන්සි වාර්තා කරයි.
අද ( 03) යුරෝපීය පාපන්දු සංගමයේ සභාපති ඇලෙක්සැන්ඩර් සෙෆෙරින් වෙත යොමු කරන ලද ලිපියේ එම නීතිවේදීන් දක්වා ඇත්තේ මේ වනවිට මානව ශිෂ්ඨාචාරයේ පැවැත්මත් ගර්හාවට ලක් කරන ඊශ්‍රයාලයේ ගාසා හි ජන සංහාරයට මානව සංහතිය වශයෙන් දැනෙන සුළු විරෝධයක් ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රයාලයට එරෙහි මෙම තරග තහනම “අත්‍යවශ්‍ය” බවය. සිය ප්‍රවේශය තහවුරු කිරීම සඳහා ඔවුන් එක්සත් ජාතීන්ගේ විමර්ශකයින්ගේ වාර්තාවක් උපුටා දක්වමින් ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බව තහවුරු කිරීමක් ද සිදුකර ඇත.
“ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ නීතිමය සහ සදාචාරාත්මක බැඳීම් ඉටු කරන ලෙසත්, ඊශ්‍රායල පාපන්දු වහාම සහ සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සමඟ ඉදිරියට යන ලෙසත්” එම නීතිවේදීහු යුරෝපා පාපන්දු පාලක මණ්ඩලයෙන් සහ එහි සාමාජිකයින්ගෙන් ඉල්ලා ඇත.
ඊශ්‍රායලය ගාසා තීරයේ පාපන්දු ක්‍රීඩාවට කරන හානිය ද එම ලිපියෙන් ඉස්මතු කර ඇතැයි අල් ජසීරා වාර්තා කරයි. එහි දැක්වෙන්නේ 2023 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය සිය මිලිටරි ප්‍රහාරය ආරම්භ කළ දා සිට අවම වශයෙන් පලස්තීන පාපන්දු ක්‍රීඩකයින් 421 ඝාතනය වී ඇති බවය. ඊශ්‍රායලයේ බෝම්බ හෙලීමේ ව්‍යාපාරය “ගාසා තීරයේ පාපන්දු යටිතල පහසුකම් විනාශ කර ඇති ආකාරය ද එහි අවධාරණය කර තිබේ.
“මෙම ක්‍රියාවන් සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පරම්පරාවක්ම විනාශ කර ඇති අතර, පලස්තීන ක්‍රීඩාවේ පදනම් ප්‍රවේශයන් සපුරා ඛාදනය කරයි” යනුවෙන් එහි සඳහන් වී තිබේ.
“ඊශ්‍රායල් පාපන්දු සංගමය (IFA) මෙම උල්ලංඝනයන්ට අභියෝග කිරීමට අපොහොසත් වීම මෙම පීඩාකාරී ක්‍රමය සාධාරනීකරණය කිරීම යුරෝපා පාපන්දු සම්මේලනය යටතේ පවත්වන අන්තර්ජාතික පා පන්දු තරග සඳහා ඊශ්‍රයාලයේ සහභාගීත්වය පිළිගත නොහැකි තත්ත්වයකට පත් කර තිබේ. “ තවදුරටත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.
ලිපියේ අත්සන්කරුවන් අතර ජන සංහාර වැළැක්වීම සඳහා වූ ලෙම්කින් ආයතනයේ විධායක අධ්‍යක්ෂ එලිසා වොන් ජෝඩන්-ෆෝර්ජි මෙන්ම ජාත්‍යන්තර නීතිය පිළිබඳ හිටපු එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් සහ විද්වතුන් කිහිප දෙනෙකු ද ඇතුළත්ය.
“සමූලඝාතන ක්‍රියාවට විරෝධය දක්වන අතර ඊට පමණක් සීමා නොවී, ජාත්‍යන්තර නීතියේ දරුණු උල්ලංඝනයන් නිසා අපුල දනවන කුණු සේදීමට සුරෝපීය පාපන්දු සම්මේලනය හවුල් නොවිය යුතු බවට එම ප්‍රකාශනය හරහා අවධාරණයෙන් යෝජනා කර තිබේ.
මෙම විරෝධය මතුවන්නේ සිවිල් වැසියන් 66000කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වීමෙන් අනතුරුව ලෝකය පුරා ඊශ්‍රයාලයට එරෙහිව වර්ධනය වෙමින් ඇති කෝපය මධ්‍යයේය. එමෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා භූමිය තුළට අතුළු වීම වාරණය කර ඇති පසුබිමක පනස් දහසකට වැඩි පිරිසක් සාගතයකට ලක් වි ඇති වටපිටාවකය. ගාසා තීරයට ආධාර රැගෙන ගිය යාත්‍රා සමූහය ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරමින් තුර්කිය, පලස්තීනය, මැලේසියාව, දකුණු අප්‍රිකාව, කොලොම්බියාව, ඉතාලිය, බ්‍රිතාන්‍යය, ග්‍රීසිය, අයර්ලන්තය, පාකිස්තානය, බෙල්ජියම, ප්‍රංශය සහ අමෙරිකාව ඇතුළු රටවල් රැසක විරෝධතා ආරම්භ වී ඇති පරිසරයකය.
මේ තත්ත්වය තුළ ඊයේ (02) ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ද ඊශ්‍රායලයේ පාපන්දු ක්‍රීඩාව අත්හිටුවන ලෙස ලෝක පාපන්දු සම්මේලනය ( FIFA) සහ යුරෝපීය පාපන්දු සම්මේලනය වෙතින් ඉල්ලා සිටියේය.
“ඊශ්‍රායලයේ ජාතික පාපන්දු කණ්ඩායම නෝර්වේ සහ ඉතාලියට එරෙහිව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සූදානම් වන විට, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කරමින් සිටී,” ඇම්නෙස්ටි ඉන්ටර නැෂනල් කණ්ඩායමේ ප්‍රධානී ඇග්නස් කැලමාර්ඩ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.
“ඒ සමඟම, ඊශ්‍රායලය පලස්තීන භූමිය නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමේ කොටසක් ලෙස බටහිර ඉවුරේ එහි නීති විරෝධීව ජනාවාස පුළුල් කරමින් සහ නීති විරෝධී මුරපොලවල් නීත්‍යානුකූල කරමින් සිටී.” ඇම්නෙස්ටි ඉන්ටර් නැෂනල් ප්‍රකාශ කර ඇත.
බ්‍රහස්පතින්දා ලිපිය සංවිධානය කිරීමට උදව් කළ කණ්ඩායම වන ගේම් ඕවර් ඊශ්‍රායල් හි ප්‍රචාරක අධ්‍යක්ෂක අෂිෂ් ප්‍රෂාර්, පෙන්වා දී ඇත්තේ ඊශ්‍රයාලයේ මේ ම්ලෙච්ඡත්වයේ සංස්කෘතියට එරෙහි ප්‍රධානම විරෝධතාවය ක්‍රීඩාවෙන් ආරම්භ කළ හැකි බවත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලෝකය තැබූ ආදර්ශය ඊශ්‍රයාලයට එරෙහිව අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වී ඇති බවත්ය.
කෙසේ වෙත්ත ලෝක පාපන්දු සම්මේලයනය ප්‍රකාශ කරන්නේ තමන්ට ලෝකයේ භූ දේශපාලනික ගැටලු විසඳිය නොහැකි බවය. මේ ප්‍රකාශය එළි දකින්නේ
ඊශ්‍රායලයේ ඉහළම සගයා වන ඇමරිකා එක්සත් ජනපදය ලබන වසරේ ලෝක කුසලානය සම-සත්කාරකත්වය දරන අතරය. එමෙන්ම ජනාධිපති ට්‍රම්ප් FIFA ප්‍රධානී ගියානි ඉන්ෆැන්ටිනෝ සමඟ සුහදව කටයුතු කරමින් සිටින වටපිටාවකය. මේ වනවිට FIFA ප්‍රධානී ගියානි ඉන්ෆැන්ටිනෝ ඊශ්‍රයාලයට එරෙහි තරග තහනමක් පැනවීමේ යෝජනාවට තමන් සූදානම් නැති බව ප්‍රකාශ කර තිබේ.
“FIFA හට භූ දේශපාලනික ගැටළු විසඳිය නොහැකිය. නමුත්, එහි ඒකාබද්ධ, අධ්‍යාපනික, සංස්කෘතික සහ මානුෂීය වටිනාකම් උපයෝගී කර ගනිමින් ලොව පුරා පාපන්දු ප්‍රවර්ධනය කළ හැකිය. එය කළ යුතුය.” බව ඔහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.







