ඊලඟ මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩු විය හැකියි… බලශක්ති ඇමති…

ඉන්ධන  මිල පහළ යෑමේ හැකියාවක් ඇති බව බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි. එම මිල පහළ යෑම ඊලඟ මිල සංශෝධනය තුළම සිදුවිය හැකි බව ඇමතිවරයා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ දෙරණ  රූපවාහිනීයේ 360  වැඩසටහනකට සහභාගී වෙමිනි.

සෑම දෙසතිකයටම හෝ මසකට වතාවක් ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය වන බවත්, ලෝක වෙළෙඳපලේ තත්ත්වයන් අනුව ඉන්ධන මිල අඩුවීවේ ප්‍රවනතාවය ඉතා වැඩි බවත් ඇමතිවරයා පැහැදිලි කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින ඉන්ධන හිඟයට හේතුව විදේශ විනිමය සංචිත නැතිවීම සහ පසුගිය වකවානුවල ඉන්ධන සඳහා ගෙවීම් කිරීමට සමාගම් විසින්  ලබා දුන් දින 180ක සහන කාලය අහෝසි වීම බවත්,  මේ වනවිට  ලබා ගන්නා ඉන්ධන ඇණවුමක් සඳහා දින 20 -30ට  පෙර මුදල් ගෙවිය යුතු මට්ටමේ අර්බුදයකට රට පත්ව ඇති බවත්ය.

 

Exit mobile version