ඊයේ වැටුණ මහ වැසි අතර අකුණු සැර වැසී මිහින්තලේ 03ක් එක තැන මිය යති!

Lighting

අනුරාධපුර පර්සි කුරුනේරු –

මිහින්තලය සීප්පුකුලම ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාවත් සමග  තම්මැන්නාකුලම වැවේ මසුන් අල්ලමින් සිට ඇති පුද්ගලයන් තිදෙනෙක්  අකුණුසර වැදිමකින් මියගොස් ඇත.

වර්ෂාව ආරම්භ වීමත් සමග වැව් බැම්මට විත් ගසක් යටට වී සිටි අවස්ථාවේ මෙලෙස අකුණුසර වැදී ඇතැයි මිහින්තලේ පොලීසිය පවසයි.

ඊයේ (11) සවස 6.30 ටස් පමණ ඔවුනට මෙලෙස අකුණුසර වැදී ඇත.

සීප්පුකුලම ගගුරෑව ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් හය හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ,හතළිස් තුන් හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙක් සහ හතළිස් පස් හැවිරිදි පුද්ගලයකු මෙසේ මිය ගොස් ඇත.


මියගිය පුද්ගලයන්ගේ සිරුරු තම්මැන්නාකුලම  රැගෙන යාමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි

Exit mobile version