ඊයේ රජය වර්තාකළ කොවිඩ් මරණ සංඛ්‍යාව 4යි… කරාපිටියේ පමණක් මරණ 08යි..

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි ඊයේ (27) දින කොවිඩ් ආසාදිත මරණ 08ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

රජය ඊයේ දින මරණ 27ක් වාර්තා කළ අතර ඉන් ඊයේ සිදුවූ මරණ ලෙස වාර්තා වන්නේ මරණ 4කි. ඉතිරි මරණ 23 සිදුවූ බව කියන්නේ 22 දා සිට 26 තෙක් සිදු වූ මරණ වශයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.




ඊයේ කරාපිටියේ  සිදුවූ  මරණ 8න් 05 දෙනෙකු මරණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි සිදු වී ඇත. රෝහලේ දි මියගිය 05 දෙනාම පිරිමි පුද්ගලයින් වෙති. ඔවුන් අවුරුදු,77,61,74,63 හා 77 යන වියේ පසුවන ඉමදුව, තෙලිකඩ, කෙරදේවල,, මාගාල්ල, ඇල්පිටිය, හා යක්ගහ වළහන්දුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. මෙකි මළ සිරුරු 05 හදිසි මරණ පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේඛ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකරණු ලැබිය.

අනික් තිදෙනාගෙන් දෙදෙනෙකු නිවෙස්වල දි හා එක් අයෙකු පුද්ගලික රෝහලක් වෙත රැගෙන එමින් සිටියදි මියගොස් ඇත. මින් එක් අයෙක් 74 වියේ පසුවන අයෙකි. අනික් තැනැත්තිය 89 හැවිරිදි වියේ පසුවන දොඩන්දුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනික් පුද්ගලයා බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචිකරුවෙකි.

මියගිය මෙම අයගේ හදිසි මරණ පරික්ෂක පරාගොඩ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රලාල් යාපා, රත්ගම හදිසි මරණ පරික්ෂක වයි.එම් සාගරිකා නිල්මිණි, මිපාවල හදසි මරණ පරික්ෂක ටි.කේ මහින්ද යන මහත්වරු හා මහත්මිය විසින් සිදුකරණු ලැබිය.
පශ්චාත් මරණ පරික්ෂණ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරින්වන යු.සි.පි.පෙරේරා, අජිත් රත්නවිර, හා සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි රවින්ද්‍ර සතාසිවිම් යන මහත්වරුන් විසින් සිදුකරනු ලැබිය.


Exit mobile version