ඊයේ නුවරින් කොටු වුණු හොර සීනි ගබඩාවේ  “ වහ සීනී“ තොගයක්….

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකර මහනුවර කුණ්ඩසාලේ පිහිටි දෙමහල් නිවසක සඟවා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු  සීනි තොගයක්  ද සහිතව  සීනි කිලෝ ග්රෑම් තුන්ලක්ෂ දහතුන් දහස් දෙසීයක් ( 313200) ක් මහනුවර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (01) සොයා ගනු ලැබුවේය.

මහනුවර නගරයේ ව්‍යාපාරික ස්ථානයක තොග ගබඩාවක් වශයෙන් මෙය පවත්වාගෙන ගොස් තිබිණි. අදාළ ස්ථානයට මුද්‍ර තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇත.

අධික මිලට අළෙවි කිරීම සඳහා සීනි තොගයක් සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබිණි.  .


මෙම තොග ගබඩාවේ සහල් කිලෝ ග්රෑම් 28600 ක්ද තිබී ඇති අතර ඒවාටද මුද්‍ර තැබීමට වැටලීම සිදුකර නිලධාරීන් පියවර ගෙන ඇත.

අධික මිලට සීනි අළෙවි කෙරෙන අවස්ථාවක මෙලෙස සීනි තොග රැස්කර තබන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඒ.එම්.ජේ.සමන්ත   පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායන ඇඳිරි නීති සමයේ පාරිභෝගික පනත උල්ලංඝනය කරන ව්‍යාපාරික ස්ථාන වැටලීමේ මෙහෙයුම් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ගේ උපදෙස් පරිදි අඛණ්ඩව සිදුකෙරෙමින් ඇති බව ද ඔහු කීවේය.

Exit mobile version