ඊයේ කොවිඩ් ආසාදිතයන් 427යි… මරණ 02යි…

කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 34381යි...

රජය ඊයේ කොවිඩ් ආසාදිතයන් 427ක් හමු වූ බවට  වාර්තා කළේය. ඒ  මුල් කාර්තුවේ 260ක් හා දෙවන කාර්තුවේ දී 167ක් වශයෙනි.  මේ ආසාදිතයන් අතර බන්ධනාගාර රැදවියන් 35 දෙනෙක් විය. කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 34381ක් බව රජය නිවේදනය කළේය.

එමෙන්ම ඊයේ දිනය තුළ මරණ 02ක් වාර්තා විය. ඒ එක් මරණයක් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය  දී කොවිඩ් ආසාදනය වී අයි.ඩී.එච් රෝහල මාරු කර යැවීමෙන් පසු මිය ගිය 15 හැවිරිදි දරුවෙකුගේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදන පහත දැක්වේ.


Exit mobile version