ඊයේ කැබිනට එකටත් 21 නෑ…

Soft liquor licenses for all established tourist outlets

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම තීරණය කර තිබුණද හදිසියේ ගත් තීරණයක් නිසා ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළ බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගැනීමට සියලු කටයුතු සූදානම් කරගෙන තිබෙන බවත් කෙසේ හෝ එය සම්මත කරගැනීමට කටයුතු කරන බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ   ඊයේ (14) උදේ ලංකාසරට ප්‍රකාශ කළ ද හදිසියේ එම තීරණය වෙනස් කිරීමට ඔහුට සිදුව ඇත.

කැබිනට් රැස්වීම පැවැත්වීමට පෙර පැවති රැස්වීමක දී ගන්නා ලද තීරණයකට අනුව නව සංශෝධන කෙටුම්ප ඉදිරිපත්  නොකිරීමට සිදු වී  තිබේ.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ ලියාපදිංචි සියලු ආයතනවට සැර අඩු මත්පැන් බලපත්‍ර ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පලවී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය එක් පියවරක් ලෙස මෙම සැර අඩු මත්පැන් සඳහා  බලපත්‍ර ලබාදීම සිදුකළ බව ඇමති හරීන් ප්‍රනාන්දු පැවසීය.

Exit mobile version