ඉවත ලන රැපිඩ් ටේස්ට් කට්ටල නිසා කොවිඩ් පැතිරීමේ අවදනාමක්…

රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය නිවේදනය කරයි...

නතාෂා නෙත්මිණි –                                            

කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ  ප්‍රතිදේහ පරික්ෂණ සිදුකරන රැපිඩ් ටෙස්ට් ගෙන්වුවද ඒවා   භාවිතයෙන් පසුව ඉවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බවත් ඒ හේතුවෙන් එසේ ඉවත ලන කට්ටල මගින් වෛරසය නැවතත් බොහෝ පිරිසකට ආසාදනය වීමේ බරපතල අවදානමක් මතුවිය හැකි බවත්  රසායනාගාර විද්‍යා වෘත්තිකයන්ගේ සංගමය පෙන්වාදේ..

පීසීආර් පරික්ෂණ කට්ටල භාවිතයෙන් පසුව රසායනාගාරය තුළදී ජීවානුහරණය කර  අධිතාපය යටතේ විනාශ කරන බැවින් තවත් කෙනෙකුට වෛරසය ආසාදනය වීමට ඉඩක් නොමැති යැයි සංගමයේ සභාපති රවී කුමුදේශ්   සඳහන් කරයි.

නමුත් රැපිඩ් ටෙස්ට්  කට්ටල එසේ භාවිතයෙන් පසු විනාශ කිරීමේ ක්‍රමවේදයක් සකස් කර නොමැති යැයි පෙන්වාදෙන කුමුදේශ් භාවිතයෙන් පසු ඒවා එකතු කර විනාශ කිරිම සඳහා ජංගම ප්‍රවාහන සේවාවක් ආරම්භ කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කට්ටල භාවිතයෙන් පසුව නිසි පරිදි විනාශ නොකළහොත් නැවත නැවතත් කොරෝනා ආසාදිතයන් වැඩිවිය හැකියැයිද සෞඛ්‍ය සේවකයින්ගේ  ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියැයි ද කුමුදේශ්    අවධාරණය කරයි.

 

Exit mobile version