ඉවත්කළ ස්මාරකය යළි හදන්නට මහ වැස්සේ උපකුලපති මුල් ගල තබයි…

දිනසේන රතුගමගේ

යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් කරන ලද යුද ස්මාරකය යළි ඉදි කිරීම සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා මුල්ගල තැබීමත් සමගම සිසුන් පස් දෙනෙකු විසින්  ආරම්භ කරන ලද මාරාන්තික උපවාසය අද        ( 11) නිමා වූයේ්‍ය.

යාපනය විශ්ව විද්‍යලයේ උපකුලපති  ශ්‍රී සර්ගුණරාජා  අළුයම 3 ට පැමිණ මාරාන්තික උපවාසයට සහභාගී වී සිටි සිසුන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම උපවාසය අත්හරින ලෙස කළ සාකච්ඡාවෙ දී  සිසුන් පවසා ඇත්තේ එය ඉටුකිරීමට නම් ඉවත් කළ ස්මාරකය යළි එම ස්ථානයේම පිහිටුවිය යුතු බවය.


උතුරේ දෙමළ දේශපාලනඥයින්ගෙන්ද යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට තර්ජන බලපෑම්  හා දෝෂාරෝපණ එල්ල වීම නිසා උප කුලපතිවරයා විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සමග කළ සාකච්ඡාවකින් පසුව යළි එම ස්ථානයේ යුද ස්මාරකය තැනීම සඳහා මුල් ගල තබා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධික වර්ෂාව නිසා මුල්ගල තැබීම ප්‍රමාද කිරීමට උපකුලපතිවරයා යෝජනා කොට ඇතත් ඊට සිසුන් එකඟ නොවීම නිසා මහා වර්ෂාව මැද උපකුලපතිවරයා හා සිසුන්  යුද් ස්මාරකය යළි ඉදිකිරීම සදහා මුල්ගල තබා ඇත.

Exit mobile version