සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන නෞකාව දෙක සම්බන්ධව ජනාධිපතිවරයා  ගත්තේ  අගය කළ යුතු බුද්ධිමත් තීරණයක්… අස්ගිරි අනු නා හිමියෝ කියති!

by editor
මාර්තු 6, 2026
in පුවත්
Ananda-Thero
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ඉරාන නෞකා දෙකක සිටි පිරිසට ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව මානුෂීය ආධාර ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් වීම අගය කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

ලොව බලවත් රටවල් යුද්ධයක පැටලී තිබෙන මෙවන් අවස්ථාවක මේ ආකාර තීරණයක් ගැනීම ඉතා අසීරු නමුත් ජනපතිවරයා බුද්ධිමත්ව අවශ්‍යය තීරණය අවශ්‍යය මොහොතේ ගෙන තිබෙන බවද උන්වහන්සේ කීහ.

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවටද වක්‍රාකාරව එහි පාර්ශවකරුවෙකු වීමට සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාරන්පනාවේ ආනන්න අනුනාහිමියෝ මෙසේද පැවසූහ.

“ඉරානය සහ ඇමරිකාව අතර මේ දිනවල පවතින යුදමය තත්ත්වය ශ්‍රී ලංකා වැනි පෙරදිග රටවලටත් වක්‍රාකාරව බලපාන සේයාවන් දැන් අපිට දකින්න ලැබෙනවා. පසුගිය දිනක ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඇමරිකානු ප්‍රහාරයකින් ඉරාන යුද නැවත් විනාශ වුණා. එහිදී විපතට පත්වූවන් සඳහා ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව මානුෂීය සහන සැලසීමේ අත්‍යවශ්‍යය තත්ත්වයකට රජය මුහුණ දුන්නා. එම අවස්ථාවේ  රජය විපතට පත් ජනතාවට පිහිට වීම සඳහා ගත් තීරණය අප අගය කළ යුතුයි. ජත්‍යන්තර සම්මුතීන්ට එකඟව ක්‍රියා කරන රටක් ලෙස එම තීරණය අප ගත යුතුව තිබූ එකක්. “

තවත් ඉරාන නැවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ආධාර ඉල්ලා තිබුණා. එහිදී ජනාධිපතිවරයා ඉතාම බුද්ධිබමත්ව කටයුතු කරමින් ඊට මැදිහත් වුණා. ජත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය නොකර යුද්ධයට මැදිහත්ව සිටින බලවත් රටවල් වලටද අගතියක් නොවන අකායෙන්  එතුමා බොහෝ මැදහත් තීරණකට එළඹ තිබුණා. එම නෞකාව ත්‍රිකුණාමලය වරායට රැගෙන යන්නත් ඉරාන නැවියන් ආරක්ෂිතව රටට ගෙනවිත් මානුෂීය සහන සලසන්නත් රජය කටයුතු කළා. ඒක බෙහෙවින් අගය කළ යුතුයි.”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“මේක ඇත්තටම අසීරු තීරණයක්. බලවත් රටවල් අතර පවතින යුද්ධයකදී ලංකාව වැනි රටක්  ඊට මැදිහත්වීමේදී අතිශය ප්‍රවේශම් විය යුතුයි. මධ්‍යස්ථ බවින් යුක්තව එවැනි තීරණයක් තමයි අවස්ථානුකූලව ගත යුතු වන්නේ. එක් රටකට පක්ෂව තවත්  රටකට ප්‍රතිපක්ෂව තීරණ ගතහොත් රටක් ලෙස අපිට අනිසි ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවිය හැකියි. “

“මෙවැනි අවස්ථාවක මධ්‍යස්ථ ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තමයි වඩාත් කාලෝචිතයි. බෞද්ධ රටක් ලෙසත් ශ්‍රී ලාංකිකයින් ලෙසත් අපි හැම වෙලාවෙම අපේක්ෂා කරන්නේ  සාමයයි. “

“අපි තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ ජාතියක්. යුද්ධයේ ආදිනව අපි දන්නවා. අපේ ශාස්තෘන් වහන්සේ ලෝකයාට දේශනා කළේ මානව වර්ගායාගේ එකමුතුවේ සහ මිනිසත් බවේ වටිකාමකයි. එය තේරුම් ගෙන මේ ලෝක බලවතුන් ලෝක සාමය සඳහා අවධානය යොමු කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. වෛරයෙන් වෛරය කිසිදා නොසංසිඳෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙන උතුම් ඉගැන්වීමක්. ඒ දහම් මග අනුව කටයුතු කරමින් ලෝක සාමය ඇතිකර ගන්නට ලෝක බලවතුන් කටයුතු කිරීම තමයි අපි අගයකොට සලකන්නේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

 දවසකට ඩොලර් මිලියන 891 පුච්චා ඇමරිකාව ඉරානයට එරෙහිව  කරන යුද්ධය…

Next Post

ඉරාන නාවිකයින් 84 දෙනා මිය යන්න හේතුව පශ්චාත් මරණ පරීක්ෂණ කළ විශේෂඥ  කණ්ඩායම අනාවරණය කරයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.