ඉරණතිව් භූමදානයට හකීම්ගෙන් විරෝධයක්

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු කිලිනොච්චියේ ඉරනතිව් දූපතෙහි භුමදානය කිරිමට ගෙන ඇති තීරණය ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසීය.

ආණ්ඩුවේ ජාතිවාදී ක්‍රියාකලාපය මේ තීන්දුව මගින් මැනවින් ඔප්පු කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වී මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට කිලිනොච්චියේ ඉරණතිව් දූපත යොදාගැනීමට තීරණය කළ බව ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බවත් ඒ සම්බන්ධව මාධ්‍යයට කරුණු දක්වමින් හකීම් මහතා මේ බව සඳහන් කළේය.


මේ තීන්දුව නිසා ම යළිත් වරක් රටේ ජාතිවාදය ඇවිලිය හැකි බවත් එය භයානක අනතුරකට අතවැනීමක් යැයි ද ඒ මහතා සදහන් කළේය.

කොරෝනා මළසිරුරු ආදාහනය කරනවාද? භූමදානය කරනවාද? කියා තීරණයක් ගැනීමට වසරක කාලයක් ගත් ආණ්ඩුව අවසානයේ ජාතිවාදී අර්බුදයකට මංපෙත් විවර කරමින් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව ඒ මහතා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට ජාතිවාදී අර්බුදයකට මංපෙත් විවර කරමින් ගෙන ඇති තීන්දුව පිළිබඳව නැවත සලකා බැලිය යුතු බවත් රාවුෆ් හකීම් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version