ඉම්රාන් ඛාන් නිදහස් කළාට හිටපු අගමැති ගේ දුවගෙන් අගවිනිසුරුට දෝස් මුරයක් !

පාකිස්තානයේ හිටපු අගමැති සහ පීඑම්එල්-එන් ප්‍රධානී නවාස් ෂරීෆ්ගේ දියණිය වන මරියම් නවාස් ෂරීෆ්, පාකිස්තානයේ අගවිනිසුරු උමාර් අටා බන්ඩියල් “ත්‍රස්තවාදියෙකුගේ පහසුකම් සපයන්නෙකු” ලෙස හඳුන්වමින් දැඩි විවේචනයකට ලක් කර තිබේ.ඇය මෙම විරෝධය දක්වා ඇත්තේ පසුගියදා හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීති විරෝදී බවට අදිකරණ=ය විසින් තීන්දු කරනු ලැබීම සම්බන්ධයෙනි..

ඇය සිට නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ, “අගවිනිසුරු වීම යන්නෙන් අදහස් කරන්නේ ජාතික ගෞරවයේ සහ ජාතික ආරක්ෂාවේ සෑම සංකේතයක්ම තම සුරතල් මැරයන් හරහා පුළුස්සා අළු කළ පුද්ගලයෙකුට රාජ්‍යය වහල් කිරීම නොවේ,” යනුවෙනි.

“එවැනි පුද්ගලයකු කුමන හෝ නඩුවකින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම ඔහු රාජකීය අමුත්තෙකු බවට පත් කරනවා. එවැනි ක්‍රියා දිගින් දිගටම කිරීමත් එම අයව අත් අඩංගුවට ගැනීම විවේචනය කිරීම පාකිස්තානයේ උන්නතිය වෙනුවෙන් දිවි පිදූ සෑම පකිස්ථානුවෙකුටම අපහාසයක්, ” යනුවෙන්ද මරියම් තවදුරටත් සිය ටිවිටර් සටහනේ දක්වා තිබිණි.


පාකිස්තානයේ අගවිනිසුරු තවදුරටත් රටේ සැබෑ අධිකරණය නියෝජනය නොකරන බවත් අදවන විට ආණුඩුක්‍රම ව්‍යවස්ථාවත් නීතීය සහ අධිකරණය ක්‍රියාවලිය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවද ඇය සඳහන් කළාය.

අගවිනිසුරු උමාර් අටා බන්ඩියල් අමතමින් මරියම් තවදුරටත් ට්විටර් සටහනේ දක්වා ඇත්තේ, “රටේ ඉරණම සමඟ සෙල්ලම් කරන ත්‍රස්තවාදියෙකුගේ පහසුකම් සපයන්නෙකු බවට පත්වීමෙන් පසු ඔබට ඔබේ ගෞරවය නැති වී ඇත.” බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඔබ ඔබේ පුටුව භාවිතා කරන්නේ ඉම්රාන්ගේ දේශපාලනය සඳහායි, එබැවින් දේශපාලන පසුබෑමකට දැන් සූදානම් වන්න” යනුවෙන් ඇය අගවිනිසුරුවරියට අනතුරු ඇඟවීමක් කරමින් පළ කළාය.

Exit mobile version