ඉඳුරුවේ මංගල්‍යයකට ගිය 10කට කොවිඩ්

BERLIN, GERMANY - MARCH 10 :Symbol photo of the coronavirus crisis. Diagnosis. COVID-19, SARS-CoV-2 on March 10, 2020 in Berlin, Germany. Health authorities around the world are concerned about the novel coronavirus. More and more countries are reporting diseases and new infections. (Photo by Thomas Imo/Photothek via Getty Images)

ඉදුරුව තුන්දුව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවු පුද්ගලයින් පිරිසකට ඇතුළු 10 දෙනෙකුට ඊයේ (14) කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

තුන්දුව ප්‍රදේශයේ පි.සි.ආර් පරික්ෂන 45ක් සිදුකොට ඇති අතර ඉන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බවද හෙතෙම පවසයි.

තුන්දුව ප්‍රදේශයේ පැවති මෙකි මංගල උත්සවය සදහා බෙරුවල හා අලුත්ගම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ද මංගල උත්සවය පැවති නිවසට පැමිණ ඇත.


මංගල උත්සවය පැවති අසල්වැසි නිවාස 03ක හා ඒ අවට පිරිමි 05 දෙනෙකුට හා කාන්තාවන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. ඒ අතර අවුරුදු 14ක පිරිමි දරුවකු වන අතර පිරිමි පුද්ගලයින් හම්බන්තොට රෝහලට හා කාන්තාවන් 05 දෙනා වැඩිදුර ප්‍රථිකාර සදහා හික්කඩුව කොරෝනා ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමුකොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිට දින කිහිපයකට පෙර තුන්දුව මුස්ලිම් විද්‍යාලයේ 12 හැවිරිදි දැරියකට ඇතුළු 03 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.

Exit mobile version