ඉන්න ඉඩ නැති ප්‍රතිකාර මධ්‍යස්ථානයට මහ රෑ කොවිඩ්  ලෙඩ්ඩු ගෙනත්  දාලා…

ප්‍රතිකාර ලබන රෝගීහු ලංකාසරට සිය අඳෝනාව කියති...

කීර්ති ප්‍රනාන්දු

ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ බගවන්තලාව රන්ජන් විජේරත්න ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඊයේ මධ්‍යම රාත්‍රියේ (23) අත්හල රෝගීන් පිරිසකට රැඳී සිටින්න ඉඩකඩ නැතිවීම හේතුවෙන් දැනට එහි නේවාසිකව ප්‍රතිකාර ලබනා රෝගීන් එක් වී අලුත් රෝගීන් පිරිසට    නවාතැන් සැලැස් වූ පුවතක් වාර්තා වේ.

සාමාන්‍යයෙන් රෝගියෙක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරන්නේ එහි ඉඩකඩ පිළිබඳව සොයා බලා වුවද  මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට එසේ ගෙනත් දැමූ රෝගීන්ට නිදාගන්න හෝ පහසුකමක් නොතිබුණු බව අභ්‍යන්තරයේ ආරංචි මාර්ග කීවේය.

මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන්ගේ ආහාර සම්බන්ධව දිගින් දිගටම බරපතල ගැටලු පැවති බවට පැමිණිලි ලැබෙමින් තිබූ බව කියැවිනි. අවශ්‍ය මූලික පහසුකම් අවම මට්ටමක පවතින බව ද වාර්තා විය.


කන්න බැරි කෑම තුළ ඇති සුන්බුන්

එවැනි වටපිටාවක තිබිය දී ඉඩකඩ පිළිබඳ නිසි තක්සේරුවක් නොකර මෙසේ රෝගීන් ගෙනැවිත් දැමීම දැනට නේවාසිකව සිටින රෝගීන්ටත් බරපතල අවුලක් බව එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහු ලංකාසරට කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ ඊයෙ රෑ රෝගීන් ගණනාවක් ගෙනත් දැම්මා… ඒ අයට ඉන්න තැනක් නෑ . ඉඩ මදි.  අපිත් ලෙඩ්ඩු. මේ එන අයත් ලෙඩ්ඩු. අපි කෑම කන කෑලල් අස් කරලා පුලුවන් විදිහට මේ මිනිස්සුන්ට  ඉන්න තැනක් හදලා දුන්නා…“ රෝගීහු පැවසූහ.

Exit mobile version