ආනන්ද පාලිතට ඇප …

Ananda-Palitha

නිමන්ති රණසිංහ –

රට තුළ තුල ඉන්ධන හිඟයක් ඇතැයි අසත්‍ය ප්‍රචාරයක් කරමින් ජනතාව නොමග යවා මහජන කැළඹීමක් ඇති කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත නැමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (21) නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදා හැරියේ නොම්බර 43/ 8, සිංහපාර, කොරගහපොකුණ, වත්තල පදිංචි දෙමටගේ ආනන්ද පාලිත නමැත්තාය.

රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් කරමින් නිකුත් 19 වැනි දා මාධ්‍ය හමුවක් පවත්වා මහජනතාව නොමඟ යැවූ බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාවරයෙකු කළ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.


ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික්ටොන් 65,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 32,000 පමණක් ඇතිබවත් එය දින 11ක තරම් කෙටි කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවත් සඳහන් කරමින් මෙම සැකකරු මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කර ඇති බව බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පැමිණිල්ලෙන් දක්වා ඇත

සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනයට අනුව ඛනිජ තෙල් ලෙස සංස්ථාව සතුව ඉකුත්19 වනදා වනවිට පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 71,000ක් සහ ඩීසල් මෙට්‍රික්ටොන් 99,000ක් පවතින බවට තොරතුරු අනාවරණය වූ බව ද බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප

Exit mobile version