අද (31) රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
- ඒ අනුව ලංකා පෙට්රල් 95 ඔක්ටේන් යුරෝ 4 (රු. 447) ලීටරයක මිල රුපියල් 7 කින් අඩු වේ. එහි නව සිල්ලර මිල රු. 440 කි.
- ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 (රු. 458) ලීටරයක් රු. 72 කින් අඩු වේ. එහි නව සිල්ලර මිල රු.
- ලංකා භූමිතෙල් ලීටරයක් (රු. 257) රුපියල් 12 කින් අඩු වන අතර එහි නව සිල්ලර මිල රු. 245
- ලංකා පෙට්රල් 92 ඔක්ටේන් ලීටරයක් (රු. 371) සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් (රු. 363) නොවෙනස්ව පවතී.