ඉන්ධන නැති නිසා විභාග මධ්‍යස්ථාන 06ක් වැහිලා… ගුරුවරුන්ට තෙල් ටික ගන්න ඉඩ දෙන්න…

විභාග කොමසාරිස් ජෙනරාල් ජනතාවට ආයාචනා කරයි...

උත්තර පත්‍ර පරීක්ෂාව සිදු කිරීම සඳහා ගුරු භවතුන්ට  ඉන්ධන ලබා  ගැනීමට අවස්ථාව ලබා දෙන්න යැයි සමස්ත ජනතාවගෙන්ම ආයාචනා කරන බව විභාග කොමසාරිස් ජනරාල්  එල්. එම්. ඩී ධර්මසේන  පැවසීය.

අද (19) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසූ විභාග කොමසාරිස්වරයා ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විටත් විභාග මධ්‍යස්ථාන 6ක් පමණ වසා දමා ඇතැයි සඳහන් කළේය.

එම ප්‍රදේශවල ඉන්ධන යවන්න යැයි තමන් සිපෙට්කෝ හා අයිඕසී ආයතන වලින් ඉල්ලා සිටි බව ද, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල හැකි ඉක්මණින් නිකුත් කරමින් දරුවන්ගේ අනාගතය රැක ගත යුතු බව ද ඔහු සඳහන් කළේය. මෙලෙසින් දිනෙන් දින පමා වෙමින් නිරපරාදේ ගෙවී යන්නේ තම දරුවන්ගේ කාලය බව ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“තෙල් නෑ කියලා අපිට විභාග මධ්‍යස්ථාන වහලා දාලා ඉන්න බෑ. මේ දරුවන්ගේ අනාගතේ. අපේ ගුරු මව් පියවරුන්ට තෙල් ටික ගහගෙන මධ්‍යස්ථානවලට එන්න ඉඩ දෙන්න. අපි ඔවුන්ව අගය කරන්න ඕනේ.. මොකද මොන ප්‍රශ්න තිබ්බත් කොහොම හරි උත්තර පත්‍ර ඇගයීම් කරන්න ඔවුන් උත්සාහ කරනවා. අපි මේ දරුවන් ගැන හිතලා කතා කරන්නේ.. 2021 පරක්කු වුණු විභාග තුනක් පැවැත්වුණා. මේ වසරේ විභාගත් පරක්කු කරන්න බෑ..”


Exit mobile version