කොරෝනා මැද ඉන්දු සිංගප්පූරු වෙළෙදාමට වුන දේ

Vivian Balakrishnan

කොරෝනා වසංගතය පැවති කාලයේදී පවා ඉන්දියාව සහ සිංගප්පූරුව අතර ද්වීපාර්ශවීය වෙළෙඳ කටයුතු වල සියය 35ක වර්ධනයක් සිදුව ඇති බව සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පෙන්වා දී ඇත.

දිල්ලි කතාකාවේ 12 වැනි වටය අමතමින් සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා මේ බව පෙන්වා දී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ සමස්ථ ලෝකයට බලපෑ වසංගත තත්ත්වයේදී දෙරටේ වෙළෙඳ කටයුතු වර්ධණය වීම මෙන් ඉන්දියාව තුල සිදුකරන සෘජු විදේශ ආයෝජන ද සීඝ්‍ර වර්ධණයක් සිදුව ඇති බවයි.

ඉන්දියාවේ සහ ආසියාන් කළාපයේ සම්බන්ධතා වසර දහස් ගණනක් අතීතයට පැතිර යන බවත් එහිදී සංස්කෘතිකමය, භාෂාමය ඇතුළු කරුණු පදනම්කරගෙන ජනතාව අතර අන්තර් සම්බන්ධතා වර්ධනය වන බවද ඔහු පෙන්වා දී තිබේ.


මෙහිදී සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා විසින් ඉන්දියාවේ නිෂ්පාදන ධාරිතාව සම්බන්ධයෙන් විශේෂ ඇගයීමක් කර ඇත. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉන්දීයාවේ ඖෂද නිෂ්පාදන ධාරිතාව ඉතාම ඉහළ මටට්මක පවතින බවත් කෘෂි කාර්මික ක්ෂේත්‍රයද විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත්ය.

“ඉන්දියාව කියන්නේ මුලු ලෝකයේම ෆාමසිය වගේම ලෝකයේ උදේ ආහාර සපයන්යි. ඒ වගේම ලොව ඩිජිඩල් සේවා සැපයීමේද ප්‍රමුඛයා වන්නේ ඉන්දියාවයි.” යනුවෙන්ද බාලක්‍රීෂ්ණන් පවසා ඇත.

මෙහිදී සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා විසින් ඉන්දියාවේ ආසියාන් සංවිධානයට අයත් රාජ්‍යන් වල හැකියාවන් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. අමාත්‍යවරයා විසින් පවසා ඇත්තේ එම කාලාපය තුල ලොව සමස්ථ ජනගහනනේ හතරෙන් එකක් ජීවත් වන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම ඉදිරියේදී ලොව ඇතිවන ස්භාවය අනුව ඉන්දියාව විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇති බවත්ය. ඒ අනුව ඉදිරියේදී ඉන්දීය ආර්ථිකය සමස්ථ ලෝකයටම ඉතාම වැදගත් වනු ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

Exit mobile version