ඉන්දීය – ශ්‍රී ලංකා ධීවරයින් අතර මුහුද මැද ගැටුමක්… ඉන්දීය ධීවරයෙකුට තුවාලයි..

ඉන්දියානු ධීවර සංගම් වරද ශ්‍රී ලංකා නාවික හමුදාවට පිට පටවන්න හදලා...

ඉන්දියාවේ නාගපට්ටන රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින පහර කෑ ධීවරයා..

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය ධීවරයින් හා උතුරේ ධීවරයින් දෙපිරිසක් අතර මුහුදේදි ඇති වූ ගැටුමකින් පසුව තුවාල ලැබූ එක් ඉන්දීය ධීවරයෙකුව   ඊයේ (02) ඉන්දියාවේ නාගපට්ටන රෝහලට ඇතුළත් කොට තිබේ.

ඉන්දීය ධීවර සංගම් නියෝජිතයන් මුලින්ම ප්‍රකාශ කළේ නාවික හමුදාව විසින් මේ ධීවරයාට පහර දුන් බවයි.

නමුත් සිද්ධිය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ උතුරේ හා ඉන්දියාවේ ධීවරයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එම ධීවරයා තුවාල ලබා ඇති බවයි.

ඉන්දියාවේ නාගපට්ටන පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version