ඉන්දීය වෘත්තිකයින්ට චීන වීසා නිකුත් වේ

Visit China

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බීජිං නුවර පනවා ඇති දැඩි වීසා සීමා කිරීම් ඉවත් කරමින් වසර දෙකකට වැඩි කාලයක් ඉන්දියාවේ අතරමංව සිටින චීනයේ සේවය කළ ඉන්දියානු වෘත්තිකයින්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට වීසා ලබා දීමට චීනය සැලසුම් කර තිබේ.

පසුගිය මසායේ චීනයේ වෙසෙන ඉන්දියානු වෘත්තකියන් ගණනාවක් විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතාගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ පවුල්වල අයට යළි පැමිණීමට අවස්ථාව ලබා දෙන මෙන් චීනයට බලපෑම් කරන ලෙසයි.

චීනය සිය දැඩි ප්‍රතිපත්ති වෙනස් කරමින් ඉන්දියානුවන්ට පමණක් නොව චීන පුරවැසියන්ගේ පවුලේ සාමාජිකයින්ට හා චීන ස්ථිර පදිංචි බලපත්‍ර ඇති විදේශිකයින්ට ද සිය පවුලේ ඥාතීන් වෙත යළි පැමිණීමට වීසා ඉල්ලුම් කිරීමට අවසර දී තිබේ.


බීජිං හි බ්ලැන්කට් වීසා තහන්ම කිරීම හා ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් ඉන්දියානුවන්ට සේම චීන වැසියන් හා විවාහ වී සිටින අයට ද, විවිධ සමාගම්වල සේවය කරන බොහෝ චීණ සේවකයින්ට ද ඉන්දියාවේ අතරමං වීමට සිදු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තහනම ඉවත් කළත් සංචාරක හා පෞද්ගලික අරමුණු සඳහා චීන වීසා බලපත්‍ර තවමත් නිකුත් නොකරන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Exit mobile version