ඉන්දීය මිත්‍රත්වයට මාලදිවයිනෙන් මල්මිටක්

Maldives Foreign Minister Abdulla Shahid

ඉන්දියාව අනුගමනය කරනු ලබන ‟ප්‍රථමයෙන්ම අසල්වැසියන්” විදේශ ප්‍රතිපත්තිය මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහිඩ් විසින් විශේෂ ඇගයිමකට ලක්කර තිබේ.

ඉන්දීයාමේ මෙම විදේශ ප්‍රතිපත්තිය කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීමට හේතුවන බවත් එමගින් දෙරටටම වාසි අත්වන බවත් අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

‟මාලදිවයින විසින් ඉන්දියාව ගෙන යන ප්‍රථමයෙන්ම අසල්වැසියන් ප්‍රතිපත්ති ඉතාම අගය කරනු ලබනවා. මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් දෙරටටම ආර්ථික සහ සමාජීය ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව අපි ඉදිරියටත් අපේ ඉන්දියාව ප්‍රථමයෙන් වූ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා.” යනුවෙන්ද විදේශ අමාත්‍යවරයා විශේෂ ට්විටර් සටහනක් තබා තිබේ.


ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා මාලදිවයිනේ දෙදින නිලසංචාරයක ඉක්තු සෙනසුරාදා නිතර වූ අතර එහිදී දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් දීර්ඝ වශයෙන් දෙරටේ ද්වීපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කර ගැනීම පිළිබද සාකාච්ඡා කරනු ලැබීය.

මෙහිදී කොරෝනා වසංගතයේදී ඉන්දියාව මාලදිවයිනට ලබාදුන් සහය මාලදිවයින් විදේශ අමාත්‍යවරයා විසින් සිහිපත් කළ අතර එහිදී ඉන්දියාව සිය විශේෂ ස්තූතියද පළකළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාව විසින් පසුගිය කාලය පුරා සිය අසල්වැසිය රටවල් සමඟ අනාදිමත් කාලයක පටන් පැවති සම්බන්ධතා වර්ධනය කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී එම රටවල අවශ්‍ය ඕනෑම මොහොතක සහය දීමටද ඉදිරිපත් විය.

Exit mobile version