ඉන්දීය නිදහස් දිනය දා ලංකාවේ දී මිය ගිය ඉන්දීය සාම සාධක හමුදා නිලධාරීන් සිහි කෙරේ…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාවේ 75 වෙනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේදී මියගිය ඉන්දීය සාම සාධක හමුදා නිලධාරීන් සිහිපත් කිරීමේ උළෙලක් ඊයේ ( 15 ) යාපනය පලාලී ඉන්දීය සාම සාධක ස්මාරකය අබියසදී පැවැත්වුණි.

යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් රකේෂ් නටරාජ් ජෙයබාස්කරන් විසින් මුලින්ම ඔහුගේ කාර්යාලයේදි ඉන්දීය ජාතික ධජය එසවීමෙන් පසුව ඉන්දියාවේ නිදහස පිළිබඳව දේශනයක් පවත්වන ලදී.

අනතුරුව ශ්‍රී ලංකාවේදී මිය ගිය ඉන්දීය සාම සාධක හමුදා නිලධාරීන් සිහිකිරීම පිණිස පලාලී ප්‍රදේශයේ ඉදිකොට ඇති විශේෂ ස්මාරකය වෙත ගිය නියෝජ්‍ය ඉන්දිය මහ කොමසාරිස්වරයා යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු සමග එක්ව මියගිය ඉන්දීය හමුදා නිලධාරීන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීය.

ඉන්දීය ජාතික නිදහස් උළෙල වෙනුවෙන් යාපනයේ පාසල් සිසුන් අතර සංවිධානය කළ රචනා කථික හා චිත්‍ර තරග වලින් ජය ලැබූ සිසුන්ට ත්‍යාග පිරිනැමීමක්ද සිදු කෙරුණි

Exit mobile version