ඉන්දීය ධීවර යාත්‍රා 121ක් වෙන්දේසි කරන්න…නැතිනම් විනාශ කරන්න.. අධිකරණය නියොග කරයි.

දිනසේන රතුගමගේ

නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින්ගෙන් අත් අඩංගුවට ගෙන ඇති යාත්‍රා 121ක් වෙන්දේසියේ විකිණීමට හෝ විනාශ කිරීමට කටයුතු කරණ ලෙසට මන්නාරම හා යාපනය අධිකරණ වලින් ධීවර නිලධාරීන්ට නියෝග ලැබී තිබේ.

මෙම යාත්‍රා මේ වන විට රාජ සන්තක වී ඇති යාත්‍රාය.

නව ධීවර පනතට අනුව ඉන්දීය ධීවරයින් ඔවුන්ගේ යාත්‍රා සමග ශ්‍රී ලංකා රජයේ අත් අඩංගුවට පත් වූ විට යාත්‍රා රාජසන්තක කෙරෙන අතර ධීවරයින් නඩු විමසීමකින් පසුව බන්ධනාගාරගත කිරීම හෝ නිදහස් කිරීම සිදු කරණු ලබයි.


නාවික හමුදාව විසින් වරින් වර ඉන්දීය ධීවරයින්ගෙන් අත් අඩංගුවට ගත් යාත්‍රා 121 ක් නාවික හමුදාව බාරයේ හා ධීවර නිලධාරීන්ගේ බාරයේ ඇති අතර 2015 වසරේ සිට 2018 වසර දක්වා කාලය ඇතුළත එම යාත්‍රා අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම යාත්‍රාවලින් පැමිණි ඉන්දීය ධීවරයින්ගේ නඩු කටයුතු අවසන් වී ඇති අතර තවමත් නඩු පවතින යාත්‍රා 31 ක් ශ්‍රී ලංකාව බාරයේ පවතී.

Exit mobile version