ඉන්දීය ධීවර ප්‍රශ්නයේ දී වටේ ගිය ඩග්ලස්ට උතුරේ දී විශ්වාස භංගයක් සම්මත වෙයි…

දිනසේන රතුගමගේ –

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට එරෙහිව යාපනය වලිකාකම් නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය සභාව විසින් 17 දා විශ්වාස භංග යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

මේ විශ්වාස භංග යෝජනාව සම්මත කර ගැනීමට ගිය අවස්ථාවේදී සභාවේ සිටි ඊ.පී.ඩී.පී.පක්ෂය නියෝජනය කරණ පිරිස ඊට එරෙහිව සභාව තුළ ගාලගෝට්ටියක් ගෙන ගියද දෙමළ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සභිකයින් විසින් බහුතර ඡන්දයෙන් විශ්වාස භංග යෝජනාව සම්මත කරගෙන තිබේ.

මේ පිළිබදව අදහස් දක්වමින් වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.තවසාලර් මහතා කියා සිටියේ ඩග්ලස් අමාත්‍යවරයා ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නයේදී සියලුම දෙනාගේ විශ්වාසය බිද වැටෙන අන්දමට කටයුතු කළ නිසා ඔහුට එරෙහිව මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ආ බවයි.


උතුරේ බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ධීවර කර්මාන්තයයි. මේකට ඉන්දීය ධීවරයින්ගෙන් එල්ල වන බලපෑම ඉතා විශාලයි. ධීවර සංගම් සියල්ලම එකතු වෙලා යාපනයේ පෙලපාලි ගිය වෙලාවේ ඩග්ලස් ඇමතිවරයා කිව්වේ මේ ප්‍රශ්නය මේ අවුරුද්ද යන්න කළින් විසඳනවා කියලයි.“

“උතුරේ ධීවරයෝ දස දහසක් එක්ක ඉන්දියා මුහුදු සීමාවට ගිහින්  ඉන්දීය ධීවරයෝ ලංකාවට එනවට විරුද්ධව උද්ඝෝෂණය කරන්නත් ඇමතිවරයා එනවා කිව්වා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ ඊළඟ සතියේ ඔහු කියන්නේ විශේෂ බලපත්‍ර ක්‍රමයකට ඉන්දියාවේ ධීවරයින්ට  උතුරේ මුහුද බදු ක්‍රමයකට ලබා දෙන බවයි. ඒකට විරෝධය දැඩි වුණාම ඔහු කියන්නේ  මම එහෙම කිව්වේ නෑ විශාල මුදලක් අය කරගෙන ධීවර කටයුතු වල නිරත වීමට  ක්‍රමයක් ඉන්දියාවට හදලා දෙනවා කියලයි. දැන් ඔහු ආය කියනවා කොහොම හරි මේ ප්‍රශ්නය විසඳනවා කියලා. අපිට දැන් මේ ඇමතිවරයා විශ්වාස නැහැ. ඒ වගේම ඔහු මේ ඉන්දීය ධීවර ප්‍රශ්නයෙන් උතුරේ ධීවරයින්ව බේරාගැනීමට මේ ප්‍රශ්නය විසඳන්නේ  නැති බවත් දන්නවා. ඒක නිසයි අපි මෙහෙම යෝජනාවක් සම්මත කළේ. අපි මේ සම්මත වුණු යෝජනාව රජයට බාර දෙනවා

Exit mobile version