ඉන්දීය ධීවර කොල්ලකරුවන් මඩින්න ස්වේච්ඡා මුහුදු ආරක්ෂක බලකායක්… ධීවර ඇමති යෝජනා කරයි!

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුද ආක්‍රමණය කිරීම නිරීක්ෂණය කිරීම පිණිස  ” මුහුදු ආරක්ෂකයින් ” නමින් ස්වේච්ඡා බල සේනාවක් ස්ථාපිත කිරීමට සූදානම් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ (18 )   යාපනයේදී පැවසීය. 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම බලකාය පිහිටුවීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බවයි.

ස්වේච්ඡා බලකාය සඳහා තරුණයින් තෝරා ගැනීමේදී උතුරේ ධීවර සංගම්වල පවුල්වල තරුණයින් තෝරා ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම මුහුදු ආරක්ෂකයින් ඉන්දීය ධීවර බෝට්ටු පිළිබඳව දැඩි නිරීක්ෂණයකින් පසුවෙමින් සිය රාජකාරී කරගෙන යන අතරවාරයේදී ඉන්දීය යාත්‍රා උතුරු මුහුදු කලාපයට පැමිණෙන විට නාවික හමුදාවට බව දැණුම් දී ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට මැදිහත් වීමේ කාර්ය කොටස ඉටු කරයි.     


අවම වශයෙන් දිනකට ඉන්දීය යාත්රා 500 ත් 900 ත් අතර ප්‍රමාණයක් උතුරු මුහුදට පැමිණ බලහත්කාරයෙන් මසුන් මැරීම නිසා උතුරේ ධීවරයින්ට දිනකට රුපියල් මිලියන 350 පමණ මුදලක් අහිමි වී යන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය යාත්‍රා වල පැමිණීම නතර කළහොත් එම මුදල් සම්බාරය උතුරේ ධීවරයින් සතු වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Exit mobile version