ඉන්දීය ධීවර කොල්ලකරුවන් 23ක් නාවික හමුදා අත්අඩංගුවට… උතුරේ ධීවරයෝ රතිඤ්ඤා පත්තු කර සතුටු වෙති…

අත්අඩංගුවට ගත් ආක්‍රමණික ඉන්දීය ධීවරයන්...

දිනසේන රතුගමගේ –

උතුරු මුහුදේ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු සමග ටෝලර් යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් අද ( 14 ) අලුයම යාපනයේ පේදුරුතුඩුව මුහුදු තීරයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව ඉන්දියාවේ ධීවරයින් පිරිසක් අත් අඩංගුවට ගත්  බව දැන ගැනිමට ලැබීමත් සමගම ඉන්දීය ධීවරයින්ගේ නීති විරෝධී ක්‍රියා වළක්වන ලෙස ඉල්ලමින් දින කීපයක සිට පේදුරුතුඩුව ධීවර මධ්‍යස්ථානයේ අඛණ්ඩ විරෝධතාවයක නිරතව සිටින  යාපනයේ ධීවරයෝ රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් දෙමින් ඔවුන්ගේ ප්‍රීතිය පලකළහ.

නාවික හමුදාව වීසින් අත් අඩංගුවට ගන්නා ලද ධීවරයින් කන්කසන්තුරේදී යාපනය ධීවර අධ්‍යක්ෂවරයා වෙත බාර දීමට කටයුතු කොට ඇති අතර යාත්‍රා දෙක නාවික හමුදා බාරයේ තබා ගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක…

Exit mobile version