ඉන්දීය දේශසීමා ආසන්නයේ චීනය ලහි ලහියේ දුම්රිය මාර්ගයක් ඉදිකරයි

china

චීනය විසින් මතභේදාත්මක ඉන්දීය දේශ සීමාවට ආසන්නයෙන් දුම්රිය මර්ගයක් ඉදි කිරීමට පියවරගෙන ඇති අතර එය දැඩි අර්බුදකාරී අක්සායි චින් ප්‍රදේශය ඔස්සේද ඉදිකිරීනමට නියමත බවට වාර්තාවේ.

දැනට වාර්තා වන අන්දමට මෙම දුම්රිය මාර්ගය ඉන්දියාව, නේපාලය ආසන්නයෙන්ද ගමන් කරන ආකාරයට ඉදි කිරීමට නියමිතය. එය දිගු කාලීන සහ කෙටි කාලීන ලෙසින් කොටස් දෙදකින් ඉදිකිරීමට සැලුසම් කර ඇති අත එමගින් දැනට පවතින දුම්රිය මාර්ගය කිලෝමීටර් හාරදහසක් දක්වා දීර්ඝ කිරීමට අපෙක්ෂිතය.

ඒ අනුව මෙහි පළමු කොටස 2025 වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර ඉතිරි කොටස 2035 වන විට අවසන් කිරීමට චීනය අපෙක්ෂා කරයි.


ටිබෙට් සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් හෙළි කරන ලද සැලැස්ම උපුටා දක්වමින් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ 2025 වන විට, සිචුවාන්-ටිබෙට් දුම්රිය මාර්ගයේ යාන් නියින්චි කොටස ෂින්ජියැන් හී ෂිගට්සේ පහක්ත්සෝකොටස ඇතුළුව දුම්රිය ව්‍යාපෘති කිහිපයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මෙම දුම්රිය මාර්ගය ටිටෙය හරහා ගමන් කර ඉන්දීය දේශ සීමාව ආසන්නයට ළඟා වීමත් සමඟ ඉන්දියාව චීනයෙන් යුධමය අභියෝගයක් නිර්මාණය වී තිබේ. මේ අතර මෙම දුම්රිය මාර්ගය මගින් ටිබෙට් හී ඇති ස්භාවිත සම්පත් චීනය විසින් දැඩි සූරාකෑමකට ලක්කරනු ඇති බවට ටිබෙට් ජාතිකයින් තුලද දැඩි බියක් නිර්මාණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ඉන්දීය දේශ සීමාව ආසන්නයේ මෙවැනි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ යටි අරමුණ සම්බන්ධයෙන්ද ඉන්දියාව දැඩි ලෙස සැලකිලිමත් වන අතර එය ඉන්දියාව යම් අහිතකර බලපෑමක් එල්ල කිරීමට ඉඩ පවතින බවටද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Exit mobile version