ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගේ මංගල ඇමෙරිකානු නිල සංචාරය ළඟදීම

PM Modi

මෙම ගිම්හාන සමයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි, ධවල මන්දිරයේ සංචාරයක නිරත වීමට නියමිත අතර එමඟින ඉන්දියාවේ හා එක්සත් ජනපදයේ දේශපාලන ස්ථාවරත්වය ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වෙන බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉන්දීය අග්‍රාමා්‍ය ධුරයට පත් වූ පසු හය වතාවකට වැඩි වාර ගණනාවක් අග්‍රාමාත්‍යවරයා එක්සත් ජනපදයේ සංචාරය කර ඇති අතර ඒවා නිල හෝ රාජකාරි කටයුතුවලට සම්බන්ධ විය. මෙය අග්‍රාමාත්‍යවරයාගේ පළමු රාජ්‍ය සංචාරයයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ඔහු අග්‍රාමාත්‍යවරයාට යලිත් එක්සත් ජනපදයට ආරාධනා කළ බවත්, දෙපාර්ශවය ජූනි හෝ ජූලි මාසවල අන්‍යෝන්‍ය පහසුව උදෙසා සාකච්ඡා කිරීමට නියමිත බවත් ය. මෙවර සංචාරයේදී සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජී 20 සමුළුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසන් වතාවට ඉන්ද්‍රීය අග්‍රමාතා්‍යවරයා, එක්සත් ජනපදයේ සංචාරය කළේ 2009 වසරේදීය. ඒ හිටපු ජනාධිපති බැරැක් ඔාබාමාගේ පාලන සමයේදීය.

Exit mobile version