ඉන්දිය ගුවන් හමුදා ඉතිහාසය වෙනස් කළ කාන්තා නිලධාරිනිය

Shaliza Dhami

ඉන්දීය ගුවන් හමුදාවේ ඉතිහාසයේ පළමු වරට කාන්තා නිලධාරිනයක් වන ගෘෘප් කපිතාන් ෂලීසා ධාමි එරට බටහිර අංශයේ පාකිස්ථාන හා සෘජුව සම්බන්ධ වන ඒකකයේ අණදෙන නිලධාරිනය වශයෙන් පත්ව ඇත.

ඒ අනුව මෙම ඒකකයේ ප්‍රධානියා වශයෙන් පත් වූ පළමු ඉන්දීය කාන්තා ගුවන් හමුදා නිලධාරිනය වශයෙන් ඇය ඉතිහාසගත වේ. ඇයගේ මෙම නව පත්වීමත් සමඟ ඉන්දීය ගුවන්හමුදා සහ ආරක්ෂක අංශ වල මෙතක් පැවති තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ව කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට පියවරගෙන ඇති බව සනාථ වේ.

මෑත කාලයේදී ඉන්දීය ගුවන් හමුදාව නිලධාරිනියන් වශයෙන් එක්වන සංඛ්‍යාවක ඉහළ ගොස් ඇති අත මේවන විට ප්‍රහාක යානා ඒකකට සම්බන්ධව ප්‍රහාරක ගුවන් නියමුවරියන් ලෙස කටයුතු කරණ නිලධාරිනයන් 18 දෙනෙකුද ඉන්දීය ගුවන් හමුදාව සතුවේ.


එමෙන්ම ඇය එළැඹෙන මාර්තු 27 වැනිදා පන්ජාබ් හී ස්ථාපති භූමියේ සිට ගුවනට එල්ල කරන මිසයිල බලඝනයෙන් ප්‍රාධානියා වශයෙන් ද කටයුතු කිරීමට නියමිතය. ගෘෘප් කපිතාන් ධාමී 2003 වර්ෂයේදී හෙලිකොප්ටර් නියමුවරියෙකු ලෙස ඉන්දීය ගුවන් හමුදාවට එක්ව ඇති අතර ඇය පැය දෙදහස් අටසීයකට අධික ගුවන් කාලයක පළපුරුද්දක් සහිත නිලධාරිනයක් වන අතරම ඇය සුදුසුකම් ලත් පියාසර උපදේශිකාවක්ද වේ.

ඇය මෙම තනතුරට පත්වීමට පෙර බටහිර ප්‍රදේශයේ හෙලිකොප්ට්ර් ඒකකයේ අණදෙන නිලධාරිනිය ලෙසද ඉතා සුවිශේෂී සේවයක් කිරීමට සමත්වූවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේනව විට ඉන්දීය ගුවන් හමුදාවේ සිටින ප්‍රහාරක නියමුවරියන් 18 දෙනා මිග් 21, මිග් 29, සූකොයි 30 මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවට මෑතකිදී එක්වූ ප්‍රංශයේ රෆායෙල් යානාද පියාසර කරන පිරිස් වීම සුවිශේෂී සිදුවීමකී.

Exit mobile version