ඉන්දියාව වියට්නාමය සයිබර් ආරක්ෂාව තර කරයි

Cybersecurity

ඉන්දියාව සහ වියට්නාමය අතර සයිබර් ආරක්ෂාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයින්ගේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයසංකර් වියට්නාම විදේශ අමාත්‍ය බූයි තන්හ සන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී දෙරට අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කරගැනීමත් දෙරට අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා ආරම්භ වී වසර 50ක් සපරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.


මෙහිදී දෙරට අතර සයිබර් ආකර්ෂාව වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසමක් පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර එහිදී ඉන්දීය සහ වියට්නාම සයිබර ආරක්ෂණ විශේසඥයින් එක්ව කටයුතු කිරීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.

එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ට්විටර සටහනක් තබමින් පවසා ඇත්තේ වියට්නාමයේ සහ ඉන්දියාවේ ද්වීපාර්ශවීය සම්බන්ධතා ඉතා ශක්තිමත්ව වර්ධනය වී ඇති බවයි. එහිදී දේශපාලනික, ආරක්ෂක, බලශක්ති යන ක්ෂේත්‍රවලින්ද දෙරට ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද හෙතම පෙන්වා දී ඇත.

ඉන්දු පැසිපික් කලාපයේ නීතිය පදනම්කරගත් ජාත්‍යත්නර සම්බන්ධතා වර්ධනය කරගතයුතු බවත් ඖෂද සහ කෘෂිකාර්මික අංශ වල වර්ධනයද ඉතාම වැදගත් අංගයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබීම විශේෂත්වයකි.

ඉන්දියාව මේවන විට ලොව විශාලතම ඖෂද නිෂ්පදකයකු වන අතර එරට තුල මේවන විට විශාල පරිමාණයේ කර්මාන්තශාලාද ඉන්දියාව සතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් වියට්නාමයද මේනව විට සිය නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් අත්කරගෙන සිටියි. එහිදී බොහොමයක් චීන කාර්මාන්තශාලා මේවන විට වියට්නාමයේද ආරම්භ වෙමින් පවතී මෙවන් තත්ත්වයක් මත පසුගිය වසරේදී වියට්නාමය සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවීය වෙළෙදාම ඇමරිකාන ඩොලර් බිලියන 14 ඉක්මවා යෑමද කලාපීය වශයෙන් විශාල ආර්ථික ප්‍රගතියක මඟ ලකුණු පෙන්වීමක් ලෙස පේනවාදිය හැකිය.

Exit mobile version